Tuesday, February 3, 2026
20.3 C
Sri Lanka

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් ?

එළැඹෙන වසරේ මාර්තු මාසයේ දී පැවැත්වීමට යෝජිත බව පැවසෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයින් අතර අභ්‍යන්තර සාකච්ඡාවක් ආරම්භ වී තිබේ.

මෙවර අයවැයෙන් අනතුරුව ආණ්ඩුව විසුරුවා හැරීමට සුදානම් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට හේතුවී ඇත්තේ එළැඹෙන සැප්තැම්බර් මාසයේ හෝ ඔක්තොම්බර් මාසයේ ජනාධිපතිවරණය පවත්වා ලබන වසරේ දෙසැම්බර් මස 31 වනදාට ප්‍රථම මහ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි වීමය.

කෙසේවෙතත් ලබන වසරේ මාර්තු මාසයේ දී මහ මැතිවරණය පැවැත්වුවහොත් කිසිදු දේශපාලන පක්ෂයකට බහුතර බලයක් ලබාගැනීමට නොහැකි වනු ඇති බවද වාර්තා වේ.

එවිට හවුල් ආණ්ඩුවක් පිහිටුවන අතර එම සියලු පාර්ශවයන් අනතුරුව ජනාධිපතිවරයා වෙත ගොස් නව ආණ්ඩුවක් පිහිටුවා ඉදිරි කටයුතු කරගෙන යාමට ද හැකියාව පවතී.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ අතර කතාබහක් මතුව ඇති බව වාර්තා වේ.

එහෙත් මහා මැතිවරණයක් අදාළ කාලසීමාව තුළ පැවැත්වෙන්නේද? නැත්ද? යන්න සම්බන්ධයෙන් මේ වන තෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නැත.

මේ අතර අද (23) දිනයේ දී හදිසි කැබිනට් සංශෝධනයක් සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යධුරය සහ වැවිලි කර්මාන්ත අමාත්‍යධුරය සංශෝධනය වන බව වාර්තා වේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img