Tuesday, February 3, 2026
19.4 C
Sri Lanka

ප්‍රින්සිපල්ලාගේ විනෝදෙට මාස් පතා රු.5000ක්.

විදුහල් ප්‍රධානීන්ට හෝ පාසල්වලට මාසයකට රුපියල් පන්දහසක විනෝදාස්වාද දීමනාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ සිදු විය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත් කරන ලද කමිටුව නිර්දේශ කර තිබේ.

එමෙන්ම තීරුබදු සහන මත වාහනයක් ආනයනය කිරීම සඳහා කලින් පැවති සහනය විදුහල්පතිවරුන්ට යළි ලබා දිය යුතු බවටත් කමිටුව නිර්දේශ කර ඇත.

තව ද විදුහල්පතිවරුන්ගේ රාජකාරි අවශ්‍යතා මත කෙරෙන ගමන් වියදම් සම්පූර්ණයෙන්ම ද අධ්‍යාපනික හා පුහුණු වැඩසටහන් සඳහා වැය වන මුදලින් සියයට පනහක් වන සේද නැවත පියවීමට පහසුකම් සැලසිය යුතු බවටත් නිර්දේශ කරන කමිටුව පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ දී විදුහල්පතිවරුන්ගේ දරුවන්ට ප්‍රමුඛතාව ලබා දිය යුතු බවටත් නිර්දේශ කර තිබේ.

මීට අමතරව විදුහල්පති සේවයේ බඳවා ගැනීම් හා වැටුප් තල සම්බන්ධයෙන් ද කමිටුව සිය නිර්දේශ ඉදිරිපත් කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක මහාචාර්ය ගුණපාල නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් පත් කර තිබූ එම කමිටුවට හිටපු ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන එම් .ඒ. ධර්මදාස හා පද්මා සිරිවර්ධන, අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ගණකාධිකාරී එස්. ඩබ්ලිව්. ගමගේ, හිටපු විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ඇතුළත් වූහ.

කමිටුව ඉහත නිර්දේශ සකස් කර ඇත්තේ විදුහල්පති වෘත්තීය සංගම් සමග සාකච්ඡා කිරීමෙන් පසුවය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img