Friday, January 30, 2026
20.3 C
Sri Lanka

සියල්ලගෙන්ම කුසල් සමාව ඉල්ලයි.

තරග පරාජය සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන් ගෙන් සමාව ඉල්ලා සිටින අතර, පරාජයන්වලට කිසිදු බාහිර පාර්ශ්වයක බලපෑමක් හේතු නොවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් අවධාරණය කරයි.

අද (12) දහවල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී ක්‍රිකට් කණ්ඩායම එක් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඔහු මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

ඉන්දියාවේ පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය තරග 09න් ජයගැනීමට සමත් වූයේ තරග දෙකක් පමණි.

කණ්ඩායමේ නිත්‍ය නායක දසුන් ශානක පළමු තරග දෙකෙන් පසු ආබාධයට ලක් වූ අතර, අනතුරු ව කුසල් මෙන්ඩිස් යටතේ කණ්ඩායම ක්‍රීඩා කළේය.

තරගාවලිය මුළුල්ලේ අවස්ථා කිහිපයක දී ම ශ්‍රී ලංකා ක්‍රිඩකයන් ආබාධයන්ට ලක් වූ අතර, අතිරේක ක්‍රීඩකයන් කණ්ඩායමට රැගෙන ඒමට සිදු විණි.

තරගාවලිය පුරා ශ්‍රී ලංකා කණ්ඩායම අසාර්ථක වීමේ ප්‍රතිඵලය වූයේ, 2025 වසරේ පැවැත්වීමට නියමිත ශූරයන් ගේ කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාවත් ශ්‍රී ලංකාවට අහිමි වීමය.

ඒ අනුව මෙවර කුසලානයේ පළමු වටයෙන්ම ඉවතට විසි වුණු ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය සිකුරාදා අලුයම යළි දිවයිනට පැමිණි අතර, ඔවුන් අද පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් විය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img