Friday, January 30, 2026
20 C
Sri Lanka

රාජ්‍ය සේවකයන් සතුට කරන්න ජනපති අද දවල් 12ට එයි.

විසි ලක්ෂයකගේ වැටුප් වැඩි කෙරෙන ලබන වසර (2024) සඳහා වන අයවැය මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට අද (13 වැනිදා) දහවල් දොළහට ඉදිරිපත් කෙරේ.

දාහතර ලක්ෂයක් පමණ වන රාජ්‍ය සේවකයන්ගේ මෙන්ම ලක්ෂ හයක් පමණ වන විශ්‍රාමිකයන්ගේ ද වැටුප් මෙවර අයවැයෙන් වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට පසුගියදා දැනුම් දී තිබිණි. රුපියල් දහසදහකින් පමණ රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග කීවේය.

මෙවර අයවැයෙන් ජනතාවගේ සුබසාධන කටයුතු සඳහා වැඩි බරක් යොදවන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය ද සඳහන් කර තිබිණි.

ජනවාරි මස පළමු වැනිදා සිට වැට් බද්ද සියයට දහඅට දක්වා වැඩි කිරීමේ යෝජනාව පමණක් නොව මෙතෙක් වැට් බද්දෙන් නිදහස්ව තිබූ ඩීසල් හා පෙට්‍රල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ද ඊට ඇතුළත් කිරීමට නියමිත බවත් එම ආරංචි මාර්ග පැවසීය.

එමෙන්ම මීට දශක දෙකකට පමණ පෙර අහෝසි කර තිබූ දේපළ බද්ද යළි ක්‍රියාත්මක කිරීමටද මෙවර අයවැයෙන් යෝජනා කෙරේ. ඉඩම්, නිවාස සහ යාන වාහන ඇතුළු ස්ථාවර වත්කම් මෙම බද්දට අදාළ කෙරෙන බවත් ඉහත ආරංචිමාර්ග කීවේය. 1992 වසර දක්වා පැවති එම බද්ද අහෝසි කර ඇත්තේ ඉන් ආදායම් ඉපයීමක් සිදුනොවන්නේය යන පදනම මතය.

අද ඉදිරිපත් කෙරෙන්නේ හැත්තෑ අටවැනි අයවැය යෝජනාවලිය වේ.

අයවැය දෙවැනි වර කියවීමේ විවාදය හෙට (14වැනිදා) ආරම්භ කෙරෙන අතර එම විවාදය ලබන 21 වැනිදා දක්වා පැවැත්වේ. දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම මෙම මස 21 වැනිදා සවස 6.00ට පැවැත්වීමට නියමිතය.

කාරක සභා අවස්ථාවේ විවාදය 22 වැනිදා සිට දෙසැම්බර් මස 13 වැනිදා දක්වා දින 19ක් පැවැත්වීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම 13 වැනිදා සවස 6.00ට පැවැත්වේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img