Friday, January 30, 2026
19.6 C
Sri Lanka

තරග දිනන මන්තරය ශර්මා කියයි.

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවැති තරග සියල්ලම ජය ගැනීමට හැකි වූයේ පසුගිය තරගවල සිදුවූ වැරදි අමතක කර අද දවසේ තරගය පිළිබදවම පමණක් සිතීමෙන් පමණක් බව ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා පවසයි.

ශර්මා පැවසුවේ එය මන්තරයක් මෙන් තම කණ්ඩායමේ ක්‍රීඩකයින් සියලුදෙනාට නිතරම පවසන බවයි.

ඊයේ (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශර්මා පැවසුවේ යම් හෙයකින් අවසන් මහා තරගය පරාජය ලැබුවහොත් මෙතෙක් ලැබූ ජයග්‍රහණවල කිසිදු ඵලක් නොමැති බවයි.

ක්‍රීඩකයින් පිටිය තුළට පැමිණෙන විට බාහිර ගැටළු අමතක කර තමන්ගේ වගකීම කණ්ඩායම වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කිරීම තුළින් ජයග්‍රහණ ලබාගත හැකි බව ඔහු පෙන්වා දෙයි.

කණ්ඩයාමේ සෑම පන්දු යවන්නෙකුම විරුද්ධ කණ්ඩායමේ පිතිකරුවන් වෙන් වෙන් වශයෙන් හදුනාගෙන ඔවුන්ට පන්දු යැවිය යුතු අතර, පිතිකරුවන් විරුද්ධ කණ්ඩායමේ එක් එක් පන්දු යවන්නන්ගේ පන්දුව යොමු කිරීමේ ස්ථාන පිළිබදව හොද අවබෝධයකින් පන්දුවට පහරදීම තුළින් ජයග්‍රහණ කරා ළගා විය හැකි බව ශර්මා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමන් රෝහිත් ශර්මා ප්‍රකාශ කළේ අද (19) තරගය තම ක්‍රිකට් දිවියේ ඉතාමත් සුවිශේෂී දිනයක් වනු ඇති බවයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img