Thursday, January 29, 2026
17.8 C
Sri Lanka

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වෙනස් වෙයි.

ඊශ්‍රායල – හමාස් යුද්ධය හේතුවෙන් මැද පෙරදිග තෙල් සැපයුමට සැලකිය යුතු බාධාවක් එල්ල නොවන බව තහවුරු වීමත් සමඟ පසුගිය සති 04 මුළුල්ලේ පහත වැටුණු ලෝක වෙළෙඳපොළේ තෙල් මිල නැවතත් යථා තත්ත්වයට පත්වීමක් දැන් දක්නට ලැබෙයි.

සැප්තැම්බර් මාසය අවසානයේ සිට තෙල් මිල 20%කින් පමණ පහත වැටුණු අතර දැන් නැවතත් මිල ඉහළ යාමක් දක්නට ලැබෙන්නේ නිෂ්පාදන කප්පාදුව වැඩිකිරීමට ඔපෙක් ප්ලස් (OPEC +) කණ්ඩායම සැලසුම් කිරීම හේතුවෙනි.

ඔපෙක් සංවිධානයේ සාමාජිකයන් මෙන්ම රුසියාව ඇතුළු තෙල් අපනයන කරන අනෙකුත් රටවල් ලබන 26 වනදා රැස්වී ඒ පිළිබඳව තීරණයකට එළඹීමට නියමිතව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

එම පුවත වාර්තාවීමත් සමග පසුගිය සිකුරාදා ලෝක වෙළෙඳපොළේ තෙල් මිල 4%කින් පමණ ඉහළ ගියේය.

OPEC + (ඔපෙක් ප්ලස්) කණ්ඩායම දිනකට තෙල් බැරල් මිලියනය බැගින් අතිරික්ත කප්පාදුවක් සැලසුම් කරන බවද වාර්තා වෙයි.

දැනට ක්‍රියාත්මක නිෂ්පාදන කප්පාදුව නිසා ඔපෙක් රටවල තෙල් නිෂ්පාදනය 2021 වසරේ අගෝස්තු මාසයෙන් පසු පහළම අගයක පවතින බවත් සෞදි අරාබිය අතිරේක තෙල් බැරල් මිලියනයක දෛනික නිෂ්පාදන කප්පාදුවක් ක්‍රියාත්මක කරන බවත් සඳහන් ය.

නව නිෂ්පාදන කප්පාදුව පිළිබඳ බලාපොරොත්තුව නිසා පසුගිය නොවැම්බර් 16 වනදා ඩොලර් 77.42ක් වූ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වන්නේ ඩොලර් 81.24ක් ලෙසයි.

අමෙරිකානු WTI තෙල් බැරලයක මිල පසුගිය නොවැම්බර් 16 වනදා ඩොලර් 73.09ක් ලෙස සටහන් වූ අතර එය අද වනවිට ඩොලර් 76.59 දක්වා ඉහළ ගොස් තිබේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img