Thursday, January 29, 2026
19.3 C
Sri Lanka

සරසවි සිසුවාගේ දාන පාරමිතාව.

මොළය මියගිය විශ්වවිද්‍යාල සිසුවෙකුගේ සිරුරු කොටස් දන්දීමට එම සිසුවාගේ මව්පියන් තීරණය කර තිබේ.

මෙම සුවිශේෂී දාන පාරමිතාව පිරූ සිසුවා ගැන තොරතුරු ඇසෙන්නේ වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයෙනි.

23 හැවිරිදි වියේ පසුවන ඉසංක රණසිංහ විශ්වවිද්‍යාලයේ අධ්‍යයයන කටයුතු නිමවී දුම්රියෙන් ගමන් කරමින් සිටියදී දෙමටගොඩ සහ කැලණිය යන දුම්රිය ස්ථාන අතරදී දුම්රියෙන් ඇදවැටීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී වෛද්‍යවරුන් සිසුවාගේ මව්පියන් වෙත දැනුම්දී ඇත්තේ සිසුවාගේ මොළය මියගොස් ඇති බවය.

වෛද්‍යවරුන්ගේ දැනුම්දීමත් සමග ඉසංක මීට පෙර සඳහන් කර තිබූ අයුරින් ඔහුගේ සියලු අවයව දන්දීමට මව්පියන් වෛද්‍යවරු වෙත සිය එකඟතාව පළකර තිබේ.

ඒ අනුවයි ඉසංකගේ වකුගඩු දෙක, හෘදය, අග්න්‍යාසය සහ අක්මාව රෝගීන් පස්දෙනෙකු සඳහා බද්ධකිරීමට ලබා ඇත.

මීට අමතරව ඉසංකගේ ඇස් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය විසින් ලබාගෙන ඇති අතර ඔහුගේ සම රුධිර නාල සහ දණහිස් කටු ඇතුළු ශරීර කොටස් රැසක්ම රෝගීන් සඳහා ලබාගැනීමට දන්දීමට පියවර ගෙන තිබේ.

පොළොවට පස්වන සිරුරින් ජීවත්වන මිනිසෙකුට ජීවිතය දෙන්න ඉසංක ඔබ කළ පරිත්‍යාගය සදා අමරණීයයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img