Thursday, January 29, 2026
23 C
Sri Lanka

වැල්ලම්පිටියේ හදිසි මෙහෙයුමකින් සැකකරුවන් 40ක් අත්අඩංගුවට.

අද (26) අලුයම වැල්ලම්පිටිය, සිංහපුර ප්‍රදේශයේ දී පොලීසිය හා යුද හමුදාව එක් ව සිදු කළ මෙහෙයුමකින් කාන්තාවන් 04 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 40 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සිටීම, අපරාධ වැඩි වීම සහ මත්ද්‍රව්‍ය යන කාරණා හේතුවෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති අතර, ඊට පොලිස් නිලධාරින් 138 දෙනෙකු සහ යුද හමුදා නිලධාරින් 200 දෙනෙකු සම්බන්ධ වී ඇත.

බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාස අධ්‍යක්ෂ, පොලිස් අධිකාරී ලලිත් අබේසේකර යන නිලධාරීන් ගේ උපදෙස් මත මෙහෙයුම ක්‍රියාත්මක කළ බව වාර්තා වේ.

මෙහෙයුම යටතේ, ගෙවල් 61ක් සහ පුද්ගලයන් 196ක් පරීක්ෂා කර ඇති බව සඳහන්ය.

එහි දී හෙරොයින්, අයිස්, නීති විරෝධී මත්පැන්, කඩු, මන්න, තහනම් පිහි සහ ජංගම දුරකථන 12ක් සොයාගෙන තිබේ.

මෙහෙයුමෙන් සැකකරුවන් ද 40 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img