Thursday, January 29, 2026
25 C
Sri Lanka

2024 සිට ආදාහනාගාරත් ඔන්ලයින් වෙයි.

පළාත් පාලන ආයතන යටතේ තිබෙන ආදාහනාගාර ලබන වසරේ (2024) සිට මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ වෙන් කර ගත හැකි ලෙස පහසුකම් සැලසීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

ජනතාවට දිවයිනේ සෑම පළාත් පාලන ආයතනයකටම මාර්ගගත (Online) ක්‍රමයට අක්කරබදු ගෙවීමේ පහසුකම මේ වසරේ දෙසැම්බර් 31 වැනිදා වන විට සකස් කර අවසන් කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැති ජනක වක්කුඹුර කීවේය. මේ වන විට පළාත් පාලන ආයතන රැසක එම කටයුතු අවසන් කර ඇතැයි ද ඔහු සඳහන් කළේය. එමෙන්ම, පළාත් පාලන ආයතනවලට අනෙකුත් බදු ද ලබන වසරේ සිට මාර්ගගත ක්‍රමයට ගෙවීමට හැකි පරිදි වැඩපිළිවෙළක් සකස් කරන බවද ඔහු පැවැසීය.

එමෙන්ම පළාත් පාලන ආයතන යටතේ පාලනය වන ක්‍රීඩා පිටි වෙන් කරගැනීම, ගමේ අක්‍රියව තිබෙන වීදි ලාම්පු යළි යථා තත්ත්වයට පත්කර ගැනීම, ජල හෝ ගලි බවුසරයක් ආදී කටයුතු ද මාර්ගගත ක්‍රමයටම සපයා ගැනීමට මහජනතාවට අවකාශය සපයන බවත් මේ අනුව මහජනතාවට එම කටයුතු සඳහා පළාත් පාලන ආයතනවලට පැමිණීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවද ඇමැතිවරයා කීවේය.

ජනතාවට සිය ඉදිකිරීම් කටයුතුවලදී අවශ්‍ය වන බැකෝ යන්ත්‍ර, ගල් රෝල ආදිය පළාත් පාලන ආයතනවලින් සාධාරණ මුදලකට කුලියට ලබාගැනීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කරන බවද ඇමැතිවරයා කීවේය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img