Wednesday, January 28, 2026
17 C
Sri Lanka

නොබෝ දිනකින් යළි ඉපදෙන නැදුන්ගමුවේ රාජා.

සුවහසක් ලාංකේය ජනතාවගේ ගෞරව බහුමානයට පාත්‍ර වූ නැදුන්ගමුවේ රාජාගේ සිරුර සංරක්ෂණය කිරීමේ කටයුතු මේ වනවිට ජාතික කෞතුකාගාර මගින් සිදුකරමින් පවතිනවා.

සත්ව සිරුරු සංරක්ෂණයේදී අනුගමනය කරන ජාත්‍යන්තර ප්‍රමිතීන්වලට අනුව එම කටයුතු සිදුවෙමින් පවති.

ආසියාවේ උසම හස්තියා වූ නැදුන්ගමුවේ රාජාගේ චර්මය ඉවත් කිරීම ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ස්වාභාවික ජෛව සත්ත්ව අස්ථි විද්‍යා අංශයේ චර්ම විශේෂඥයින් කණ්ඩායමක් විසින් වැලිවේරිය ප්‍රදේශයේදී සිදුකළේ හස්තියාගේ මරණයේ සිට දින 14ක කාලයක් තුළයි.

සත්ව සිරුරු සංරක්ෂණයේදී අනුගමනය කරන ජාත්‍යන්තර ප්‍රමිතීන්වලට අනුව නැදුන්ගමුවේ රාජාගේ චර්මය සහ දළ යුගලය ඉවත් කිරීමට මෙම කණ්ඩායමට හැකි වූ අතර ඒ අනුව හස්තියාගේ චර්මය පිටතට ගනු ලබන්නේ අවසානම අවස්ථාවේදී පමණයි.

2023 වසරේ අගෝස්තු මාසයේදී නැදුන්ගමුවේ රාජාගේ සිරුර සංරක්ෂණයට අදාළ කටයුතු ජාතික ස්වාභාවික විද්‍යා කෞතුකාගාර පරිශ්‍රයේදී ආරම්භ කෙරුණේ කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අයත් චර්ම ශිල්පී විශේෂඥයින් ඇතුළු සත්ව සිරුරු සංරක්ෂණය කරන ප්‍රවීණයින්ගේ දායකත්වය මත සිදුවෙමින් පවති.

නැදුන්ගමුවේ රාජාගේ සංරක්ෂණ කටයුතු ලබන වසරේ ජූනි මාසයට පෙර අවසන් කිරීම මෙම සංරක්ෂකයින්ගේ අරමුණයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img