ජනවාරි මාසයේ සිදු කරන විදුලි බිල සංශෝධනයට වැට් බද්ද බල නොපාන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ, ඉන්ධන මිලට වැට් බදුවල බලපෑමක් ඇති වන බවයි.
ඒ බලපෑම අවම කිරීම සඳහා ගත හැකි විකල්ප තීන්දු පිළිබඳව මේ වනවිට සාකච්ඡා කරමින් ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.