Friday, January 30, 2026
20.3 C
Sri Lanka

බොහෝ සිරකරුවන්ට හෙට නත්තල් සමාව.

ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව නත්තල වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් විශාල පිරිසකට විශේෂ රාජ්‍ය සමාවක් ප්‍රදානය කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනුරුත්ථාපන) ගාමිණි බි. දිසානායක පැවසීය.

එම සිරකරුවන්ට කොන්දේසි සහ සීමානන්ට යටත්ව මෙම පොදු සමාව ප්‍රදානය කරන බව කී ඒ මහතා පොදු සමාව ලබන සිරකරුවන් දිවයිනේ සෑම බන්ධනාගාරයකින්ම හෙට (25) නිදහස් කිරීමට නියමිත බව ද සඳහන් කළේය.

බන්ධනාගාර ගතව හෙට දිනට සිරදඩුවම් විදිමින් සිටින සිරකරුවන් හට ගතකරන ලද වසරකට හෝ ඉන් කොටසකට මාසයක සමාවක් ලැබීම, දඩ මුදල් නොගෙවීම මත හෙට දින වන විට සිර දඩුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ඉතිරි කාලය අහෝසි කිරීම, නියමකර ඇති සිර දඬුවමින් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් හෙට දිනය වන විට ගෙවා ඇති වයස අවුරුදු 65 ක් ඉක්මවා තිබීම සිරකරුවන්ට මෙම සමාව හිමිවන බවත් වසර 40 ක් හෝ ඊට වැඩි සිරදඬුවම් නියම කර ඇති හෙට දිනට එම දඩුවමින් වසර 20 ක කාලයක් ගෙවා අවසන් කර ඇති සිරකරුවන්ගේ දඩුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරීමෙන් ද සමාව හිමිවන බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඊට අමතරව මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් කර ඒ සඳහා (දඩ මුදල් නොගෙවීම මත නියමකර ඇති සිර දඬුවම්ද ඇතුලත්ව) පුනරුත්ථාපනයට යොමු කර ඇති සිකරුවන්ගේ නියමකර ඇති පුනරුත්ථාපන කාලයෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති විට ප්‍රජා විශෝධන නිලධාරීයෙකුගේ අධීක්ෂණය යටතේ ගත කිරීමේ කාලය ආහෝසි කිරීමෙන් ද සමාව හිමිවන බව මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනුරුත්ථාපන) ගාමිණි බි. දිසානායක වැඩි දුරටත් පැවසීය

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img