Sunday, February 1, 2026
26.1 C
Sri Lanka

එක් සරම්ප රෝගියකුගෙන් අහන්න ලැබුන අමුතුම කතාවක්.

සරම්ප රෝගය වැලඳුනු එක් ආසාදිතයකුගෙන් උපරිම වශයෙන් තවත් පුද්ගලයින් දහසය දෙනකුට රෝගය බෝ විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥයින්ගේ විද්‍යාතනයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය බී.ජේ.සී. පෙරේරා ප්‍රකාශ කරන්නේ කොවිඩ් වයිරසය ආසාදිතයකු හරහා තවත් පුද්ගලයින් සිවු දෙනකුට බෝවන අතර මෙම සරම්ප රෝගය වැලඳුණු එක් ආසාදිතයකු මගින් මිනිත්තුවක් තුළදී පමණත් තවත් පුද්ගලයින් නවදෙනකුට බෝවිය හැකි බවය.

ඒ අනුව මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින මෙම සරම්ප රෝගය, ගෝලීය වසංගතයක්ව පැවැති කොවිඩ් වයිරසයට වඩා ඉතා දරුණු රෝගයක් බවද වෛද්‍යවරයා සඳහන් කරයි.

පසුගිය කොවිඩ් වසංගත සමයත් සමග දරුවන් වෙනුවෙන් කෙරෙන එන්නත්කරන වැඩසටහන් යම් කඩා වැටීම මෙසේ සරම්ප රෝගය යළි හිස එසවීමට ප්‍රධානතම හේතුව ලෙස වෛද්‍යවරයා පෙන්වා දෙයි.

ගෝලීය වශයෙන් ශීඝ්‍රයෙන් බෝ විය හැකි වයිරස් රෝග අතර මෙම සරම්ප රෝගයද ප්‍රධාන තැනක් ගන්නා බැවින් එන්නත් ලබාගෙන නොමැති දරුවන් වේ නම් ඔවුන් කඩිනමින් එන්නත්කරණය කරවා ගන්නා ලෙසද වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

1984 වසරේ සිට සරම්ප රෝගය සඳහා එන්නත් කරණය ආරම්භ කර එය මෙරටින් සහමුලින්ම තුරන් කළ බවට සහතිකයද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දී තිබුණි.

එහෙත් නැවතත් පසුගිය මැයි මස සිට මෙම රෝගය මෙරට තුළ ව්‍යාප්තිය ආරම්භ වී තිබේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img