Tuesday, November 19, 2024
21.1 C
Sri Lanka

තෙල් සංස්ථාව ලාභ ලබයි.

නිමාවු 2023 වර්ෂය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 120ක පමණ ලාභංශයක් උපයා ඇති බව වාර්තා වෙයි.

එම වසරේ දෙසැම්බර් මස වනවිට රටේ ඉන්ධන පරිභෝජනය සියයට 50කින් පහළ ගොස් තිබු බවට ඉන්ධන බෙදුම්කරුවන් ප්‍රකාශ කළ ද වසරේ අවසන් මාස කිහිපයක තුළ පැවැති ඉන්ධන මිල ගණන්වලට අනුකූල වු විකුණුම් ක්‍රියාවලිය සලකා බැලීමේදී පෙර වසරවලට සාපේක්ෂව සංස්ථාව ඉහළ ලාභයක් වාර්තා කර ඇති බව එහි ප්‍රකාශකයෙකු පැවසීය.

සයිනොපෙක් චීන ඉන්ධන සමාගම් හා පවතින තරඟකාරීත්වය අවම වීම තුළ ඛනිජ තෙල් සංස්ථාවේ ලාභය අවදානම් මට්ටක පවතින බවට ඇතැම් පාර්ශ්ව සිදුකරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බවද එම සංස්ථාව පවසයි.

එබැවින් එය පෞද්ගලීකරණය කිරිමේ අවශ්‍යතාවක් පැන නොනඟින අතර ලාභාංශ තවදුරටත් ඉහළ නංවා ගනිමින් ඉදිරි ඉලක්ක සපුරාගැනීමට සංස්ථාව සුදානමින් පසුවන බවද වාර්තා වෙයි.

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් සඳහා පසුගිය දෙසැම්බර් මාසයේදී ප්‍රසාද දීමනාවක් ලබාදී ඇති බවද වාර්තා වෙයි.

කෙසේවුවද ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ට පසුගිය  වසර සඳහා වාර්ෂික ප්‍රසාද දීමනාවක් හෝ වෙනත් කිසිඳු දීමනාවක් නොගෙවීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා තීරණය කර තිබුණි.

Hot this week

කොතලාවල ආරක්ෂක සරසවි සිසුන් ගිය බදුල්ලේ බස් අනතුර ගැන ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්

අද (1) උදෑසන බදුල්ල අඹගස්හන්දිය ප්‍රදේශයේ සිදුවූ කොතලාවල ආරක්‍ෂක...

අපි ගිනි කන්දක තාච්චියක් තියා සොසේජස් බැදගෙන කන ජාතිකයක් වෙලා..

ගිනි කන්දක් මත තාච්චියක් තබාගෙන සොසේජස් බැඳගෙන කන ජාතියක්...

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

Topics

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img