Monday, February 2, 2026
23.5 C
Sri Lanka

ජනපතිගෙන් පොරොන්දුවක්.

උතුරු පළාතේ ව්‍යාපාරිකයින් මුහුණ දී තිබෙන ගැටලුවලට ඉදිරි මාස 02 තුළ විසදුම් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ උතුරු පළාතේ ව්‍යාපාරික ප්‍රජාවගේ ගැටලු විසඳීම සඳහා ක්‍රියාකාරී ආයතනයක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවයි.

යාපනය දිස්ත්‍රික්කයේ කර්මාන්තකරුවන්, ධීවර සහ ගොවි ප්‍රජාව සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේය.

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය අතර හමුවක් ද පවත්වා තිබේ.

යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්.ශ්‍රී.සට්කුනරාජා ප්‍රමුඛ එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලය අදාළ සාකච්ඡාවට එක් ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කර ඇත.

එහි දී යාපනය විශ්වවිද්‍යාලයේ පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් වූ සංවර්ධන සැලැස්ම ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

නවීන තාක්ෂණය සමඟ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශ්වවිද්‍යාල සිසුන්ගේ ඉංග්‍රීසී භාෂා දැනුම ප්‍රවර්ධනය කිරීමට විශේෂ අවධානය යොමුකර කටයුතු කිරීමේ වැදගත්කම ද අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img