Sunday, April 19, 2026
21.9 C
Sri Lanka

විදුලි බිල 9% කට වඩා අඩු වන ලකුණු.

ඉදිරි විදුලි ගාස්තු සංශෝධනයකදී විදුලි බිල අඩු කිරීමට හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

මේ වන විට එම අඩු කරන ප්‍රමාණය පිළිබඳ නිශ්චිතව තීරණයකට පැමිණ නැතත් සියයට නවයකින් පමණ විදුලි බිල අඩු කිරීමට හැකිවේ යැයි දැනට තීරණය කර ඇති බව මණ්ඩලයේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

විදුලි බල මණ්ඩලය පවසන්නේ මෙම ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රතිශතයකින් විදුලි බිල අඩු කිරීමට ඇති හැකියාව පිළිබඳ මේ දිනවල සාකච්ඡා කරන බවය. බොහෝ දුරට සියයට නවයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් විදුලි බිල අඩු කිරීමට හැකියාව ඇති බව ඔවුහු කියා සිටිති.

කෙසේ වෙතත් විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ ප්‍රධානින් විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ විදුලි වෘත්තීය සමිති නායකයන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ [ 10 ] විදුලි බල මණ්ඩලයේදී පැවැත්විණ.

එහිදී විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර මේ සඳහා පැමිණි පාර්ශ්වයන් යෝජනා කර ඇත්තේ ජනතාවට දැනෙන ආකාරයේ විදුලි ගාස්තු අඩුවීමක් අවශ්‍ය බවය. එහිදී විදුලි බල මණ්ඩලය පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා සිදුකිරීමට අවශ්‍ය බවත් ඉන් අනතුරුව විදුලි ගාස්තු අඩු කිරීමේ ස්ථිර ප්‍රතිශතය පවසන බවය.

කෙසේ වෙතත් විදුලි ගාස්තු සංශෝධන‍ය සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් ඊයේ [ 10 ] සවස් කාලය වන විටත් මහජන උපයෝගීතා කොමිසමට ලැබී නොමැති බව එම කොමිසම කියා සිටියි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img