Sunday, April 19, 2026
28.4 C
Sri Lanka

අනුර කුමාර ජනපති වූ සැණින් සිදුකරන දේ ලාල් කාන්ත කියයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කතාන්දර එළැඹෙන නොවැම්බර් 17න් පසු අවසන් බවත් සිය පෙරමුණ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ පසු එදිනම මධ්‍යම රාත්‍රි 12.00 වන විට සිය අපේක්ෂකයා දිව්රුම් දෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්ත පැවැසීය.

“අපි දැම්ම මෙහෙම සැලසුමක් හදන්න කල්පනා කරගෙන ඉන්නේ මුන් අග්‍රවිනිශ්කාරවරයා උස්සන්න ඉඩ තියනවා. එතකොට අපේ ජනාධිපතිවරයාට දිව්රුම් දෙන්න කෙනෙක් නැහැ. මුන් ඒ ජාතියේ බඩු.” යැයිද ඔහු සඳහන් කළේය.

මහනුවර කරල්ලියද්ද නගරයේ පසුගියදා ජන හමුවක් අමතමින් හෙතෙම සඳහන් කළේ අනුර කුමාර දිසානායක ජනාධිපති වූ පසු එළැඹෙන මහ මැතිවරණය සඳහා පොහොට්ටුවේ, රනිල්ගේ, සජබේ කිසිවකුටත් පාර්ලිමේන්තු යාමට හැකියාවක් නොමැති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කේ. ඩී ලාල් කාන්ත මෙසේද කීය.

“ඉතිහාසයේ දැවැන්තම දේශපාලන පරිවර්තනය සිද්ධ වන වසරක්. මේ වසරේ තියන ජනාධිපතිවරණයෙන් මාලිමාව දිනන බවට සියලු සමීක්ෂණ වාර්තා සහතික කරලා ඉවරයි. මාලිමාව ජයග්‍රහණය කරනවා කියලා බයට තමා මේ ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දැම්මේ. මෙවර ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක දිනනවා කියලා ගොඩාක් පක්ෂවල අයට දෙගිඩියාවක් ඇති වෙලා තියනවා. එක්තරා දුරකට ඡන්දය නොතියා ඉඳියිද කියලා සැකයකුත් අපිට තියෙනවා. හැබැයි ජනතාව බලාගෙන ඉන්නේ තියපල්ලකෝ ඡන්දයක් කියලා. රනිල්ගේ ජොබ් එක තමා විධායක බලය ක්‍රියාවට නැගීම. මාරුවෙන් මාරුවට 75 වසරක් මේ රට කෑවා. හැදුවේ නැහැ. රජය නිල වශයෙන් පිළිඅරන් ඉවරයි ලෝකය ඉස්සරහා මේක බංකොලොත් රටක් කියලා. මේ වසරේ ඔක්තෝබර් මාසය ඉවර වෙන්න කලින් එළැඹෙන ජනාධිපතිවරණයේදී , ජනාධිපතිවරයා පත්වෙන්නේ මලිමාවෙන්. එළැඹෙන මාස හතේ ඉන්ටවල් නැහැ. දිනපතා වැඩ කරන්න තියනවා හැමෝටම. ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරයාගේ පළමු නිවේදනය තමයි පාර්ලිමේන්තුව වහාම විසුරුවනු ලැබේ කියන එක. මේ පුහු පාර්ලිමේන්තුවත් එක්ක ජනාධිපතිවරයාට වැඩ කරන්න පුළුවන්ද? එම නිසා මහා මැතිවරණයකට සූදානම් විය යුතු වෙනවා. පාර්ලිමේන්තුවක් කියන්නේ රටේ වැදගත් ආයතනයක්. ඒකට නිදි කිරා වැටෙන අය ගිහින් තියලා වැඩක් තියනවාද.”

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img