Saturday, April 18, 2026
21.5 C
Sri Lanka

ගතවූ සති දෙකට ඩෙංගු රෝගීන් 5000ක්.

මෙම වසරේ (2024) ගතවූ දෙසතිය ඇතුළත දිස්ත්‍රික්ක දහයක අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස හැටහතකින් ඩෙංගු රෝගීන් පන්දහස් විසිනවදෙනකු වාර් ථා වි ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්ථා වන අතර එම සංඛ්‍යාව එක්දහස් හත්සියයකි.

උතුරු පළාතෙන් ඩෙංගු රෝගීන් එක්දහස්එකසිය අනූ හතරදෙනෙකු වාර්තා වෙයි .

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ සතියක් පුරා පැවැති දීපව්‍යාප්ත ඩෙංගු මර්දන වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ වාර්තාව හෙට (16 වැනිදා) නිකුත් කළ හැකි බවය.

එය ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස තෝරාගෙන ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාස හැත්තෑවක ක්‍රියාත්මක විය. දින තුනකට වඩා උණ පවතීනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස වෛද්‍යවරු ජනතාවට දැනුම් දෙති.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර සූදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ පසුගිය හයවැනිදා (06 වැනිදා) ස්ථාපිත කළ 011- 7 966 366 දරන ක්ෂණික දුරකථන අංකයට කතාකොට පෙරවරු 8.00 සිට රාත්‍රි 8.00 දක්වා (සෙනසුරාදා – ඉරිදා සහ රජයේ නිවාඩු දින ඇතුළුව) ඩෙංගු රෝගය පිළිබඳව තොරතුරු දැනගැනීමට මෙන්ම ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳව දැන්වීමට ද හැකියාව ඇත.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img