Saturday, April 18, 2026
28.7 C
Sri Lanka

ණය දෙන මුවාවෙන් ‌ෆෝන්වලට රිංගන කල්ලියක්.

විවිධ ක්ෂේත්‍රවල සිටින පුද්ගලයන්ගේ ජංගම දුරකථනවලට අනවසරයෙන් ප්‍රවිෂ්ට වී දත්ත ඇතුළු තොරතුරු චීනයේ දත්ත ගබඩාවලට යවන බව කියන සංවිධානාත්මක කල්ලියක් ගැන පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් අරඹා ඇත.

තම ජංගම දුරකථනවලට හැකර්වරුන් ප්‍රවිෂ්ට වී දත්ත සොරකම් කළ බව කියමින් රජයේ නිලධාරින් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල හතළිස් දෙනකු පමණ මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

චීන ජාතිකයන් පස් දෙනකුගේ මෙහෙයවීමෙන් දෙහිවල පවත්වාගෙන ගිය අන්තර්ජාල ණය දීමේ මධ්‍යස්ථානය තුළ තරුණියන් අසූ දෙනකු පමණ සේවයට ගනිමින් කර ඇත්තේ ද මෙවැනි දෙයක් බව හෙළිවෙමින් ඇත.

මෙම ඔන්ලයින් ණය දීමේ මධ්‍යස්ථානය 2021 දී ශ්‍රී ලාංකිකයකු නමින් ආරම්භ කර එය චීන ජාතිකයන්ට විකුණා ඇතැයි හෙළි වී තිබේ. දැනට එය පවත්වාගෙන ගිය චීන ජාතිකයන් පස් දෙනා හා එය ආරම්භ කළ ශ්‍රී ලාංකිකයා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී මෙම මධ්‍යස්ථානය තුළ තිබූ පරිගණක 08 ක්, ලැප්ටොප් 13 ක් හා ජංගම දුරකථන 49 ක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඒවායේ ඇති ණය ගත් පුද්ගලයන්ගේ දත්ත චීනයට යවා ඇතැයි හෙළිවෙමින් ඇත.

ඔන්ලයින් ණය ගන්නා පුද්ගලයන්ගේ දුරකථනයේ ණය ගන්නා තොරතුරු හුවමාරුවන අතරේම හැකර්වරුන් එම දුරකථනයට අන්තර්ජාලය ඔස්සේ අනවසරයෙන් ප්‍රවිෂ්ට වී දත්ත ගෙන ඇති බවත් හෙළි වී තිබේ.

චීන ජාතිකයන්ගේ දෙහිවල ණය දෙන ජාවාරම කරගෙන ගිය ස්ථානයේ සේවය කළ තරුණියන් අසූ දෙනාට ණය මුදල් ගත් අයගෙන් දිනකට රුපියල් දහසක්වත් අයකර ගැනීමට නොහැකි නම් හවසට නිවෙස්වලට යෑමට නොදී රඳවාගෙන ඇති බවද හෙළි වී ඇත. එසේ රුපියල් දාහක්වත් සොයාගත නොහැකි වූ තරුණියන්ව චීන ජාතිකයන් විසින් රාත්‍රි 7.30 වනතුරු සේවයේ රඳවාගෙන ඇති බවත් හෙළි වී තිබේ.

මෙම තරුණියන්ට මාසයකට රුපියල් හැත්තෑදහසක වැටුප් ගෙවන බවට එකඟතාව මත සේවයේ යොදවා ඇතත් සේවා සහතික හෝ කිසිදු නෛතික බැඳීමක් ආයතනය සමග නොමැති බව අනාවරණ වී ඇත.

ඔන්ලයින් ණය ගැනීමට ප්‍රවිෂ්ට වීමේදී චීන හැකරුන් විසින් ණයකරුවන්ගේ දුරකථන ඇතුළට රිංගා ගන්නා දත්ත යොදාගෙන ඔවුන්ගේ සමීපතමයන් හඳුනාගෙන ණය ගෙවීම පැහැර හරින්නේ නම් සමීපතමයන් සියලු දෙනාට ණයකරු ගැන හෙළිකිරීම මෙම තරුණියන්ට ලබා දී ඇති ඉලක්කය වී ඇත.

එමගින් බලපෑම් කර, ලජ්ජාවට පත්කර ණය මුදල් අයකර ගැනීම මෙම තරුණියන්ට ලබා දී ඇති ඉලක්කය වී තිබේ.

රුපියල් පනස්දහසක් මෙම ආයතනය මගින් ඔන්ලයින් ක්‍රමයට ණයක් ගත් රජයේ නිලධාරිනියකට ණය ගෙවා ගැනීමට අපහසු වූ මොහොතේ ඇයගේ හිතමිතුරන්ට හා ආයතනයට දුරකථන ඇමතුම් දී ලජ්ජාවට පත්කර ඇයට සියදිවි නසාගන්නා තත්ත්වයකට පත් කිරීමෙන් පසු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට එම නිලධාරිනිය පැමිණිලි කර තිබේ.

ඇය ණයට ගත් රුපියල් පනස්දහසක මුදලට අමතරව පොලියත් සමග රුපියල් හැත්තෑ දෙදහසක් ගෙවා තිබියදී තවත් රුපියල් තිස්හයදහසක් පොලිය ලෙස ගෙවන්නැයි බලපෑම් කර තිබේ. දිනකට සියයට හිතක පමණ අධික පොලියක් අයකරමින් මෙම ණය දීමේ මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති නමුත් එහිදී කිසිදු බදු ගෙවීමක් හෝ ආදායම් වියදම් පෙන්වීමක් කර නැතැයි හෙළි වී තිබේ.

එක් තැනක සිට ජංගම දුරකථන හතළිස් එකක් හා පරිගණක මගින් මෙම ජාවාරම දිගටම කරගෙන ගොස් ඇති නමුත් කිසිදු වගකිවයුතු ආයතනයක් එය පරීක්ෂා කර නැතැයිද මේ වන විට හෙළි වී ඇත.

සුගුවා මයික්‍රෝ ඉන්වෙස්ට්මන් ප්‍රයිවට් ලිමිටඩ් නමින් දෙහිවල පවත්වාගෙන ගිය ණය මධ්‍යස්ථානයේ ස්ටාර් වී.අයි.පී. රෝෂ් ලෝන් ඇතුළු ණය ක්‍රම තුනක් යටතේ ණය දී ඇතැයි හෙළි වී තිබේ.

මෙම ණය දෙන අතරේ ණයකරුවන්ගේ ණය අය නොවීමේදී දිසා අධිකරණයේ නඩු පැවරීම වෙනුවට දුරකථන අංක සොරාගෙන ඒ ඔස්සේ බලපෑම් කර ඇතැයි හෙළි වී තිබේ.

පරිගණක අපරාධ පනත යටතේ අනවසරයෙන් දුරකථනවලට ප්‍රවිෂ්ට වීම නීති විරෝධී ක්‍රියාවක් බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂිකා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරිගේ අධීක්ෂණයෙන් විශේෂ කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img