Thursday, April 16, 2026
28.8 C
Sri Lanka

නව පාසල් වාරය ආරම්භයේ වෙනසක්.

රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර පෙබරවාරි මස 5 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙවර උසස්පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ 1 සහ 2 කොටස් යන ද්විත්වයම නැවත පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කිරීම හේතුවෙන් මෙලෙස වාර ආරම්භක දිනය වෙනස් වී ඇත.

කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිදුවීමක් වාර්තාවීමත් සමග විභාග දෙපාර්තමේන්තුව පසුගිය 12 වනදා එහි දෙවන කොටස අවලංගු කරීමට පියවර ගත්තේය.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ පසුගිය 08 වනදා පැවති එම ප්‍රශ්න පත්‍රයේ පළමු කොටස ද අවලංගු කිරීමට තීරණය කර ඇති බවය.

ඒ අනුව මෙවර උසස්පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස පෙබරවාරි මස 01 වන බ්‍රහස්පතින්දා උදෑසන 08.30 සිට 11.40 දක්වා නැවත පැවැත්වීමට නියමිතය.

එහි  පළමු කොටස පෙබරවාරි මස 01 වන බ්‍රහස්පතින්දා පස්වරු 01.00 සිට පස්වරු 03.00 දක්වා පැවැත්වීමට නියමිත බව එම නිවේදනයේ සඳහන්ය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img