Wednesday, April 15, 2026
21.6 C
Sri Lanka

ව්‍යාජ මුදල් නෝට්ටු කිහිපයක් සමග රියැදුරෙකු අත්අඩංගුවට.

ශ්‍රී පාද වන්දනාවේ වන්දනාකරුවන් පිරිසක් රැගෙන වෑන් රථයකින් පැමිණි රියැදුරෙකු සන්තකයේ ව්‍යාජ මුදල් නොට්ටු කිහිපයක් තිබි හමු වු බවත්, සැකකරු ඊයේ (17) දින රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව නල්ලතන්නිය පොලිසිය පැවසීය.

සැකකරු වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි අවු 45 හැවිරිදි අයෙකු බවත්, ඔහු වෑන් රථයක රියැදුරෙකු වශයෙන් සේවය කරන අයෙකු බව නල්ලතන්නිය පොලිසිය කියා සිටියේය.

සැකකරු මැදමුලන ප්‍රදේශයේ වන්දනාකරුවන් පිරිසක් සමග ඊයේ රාත්‍රියේ නල්ලතන්නිය ප්‍රදේශයට පැමිණ වන්දනා නඩය ශ්‍රී පාද මළුව කරා යාමෙන් පසු සැකකරු සැකකටයුතු ලෙස නල්ලතන්නිය නගරයේ සැරිසරන අවස්තාවේ වෙලදසැල් හිමියෙකු විසින් සැකකරු සම්බන්ධයෙන් ලබාදුන් තොරතුරක් මත වහා ක්‍රියාත්මක වු නල්ලතන්නිය පොලිසියේ නිලධාරින් රියැදුරා අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි සැකකරුගේ මුදල් පසුම්බියේ තිබි රුපියල් දහසේ ව්‍යාජ නොට්ටු 11 ක් සහ පන්සියේ ව්‍යාජ නොට්ටුවක් සොයා ගත් බව පොලිසිය පැවසීය.

වෑන් රථයෙන් කුලි පදනම මත පිරිසක් ප්‍රවාහනය කල අවස්තාවේ තම වෑන් රථයේ ගමන් ගත් පිරිස විසින් එම මුදල් නොට්ටු තමන්ට ලබාදුන් බවත්, එම මුදල් ව්‍යාජ නොට්ටු බව තමන් නොදන්නා බව රියැදුරා විසින් පොලිසියට ප්‍රකාශ කළ බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img