Wednesday, April 15, 2026
22 C
Sri Lanka

සංචාරකයින් ගෙන්වා ගන්න නව වීසා වැඩපිළිවෙලක්.

පෙර වීසා ක්‍රමවේදයේ තිබූ සංකීරණභාවය සරල කරමින් නව වීසා ක්‍රමවේදයක් හඳුන්වා දීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව, ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ පාලක හර්ෂ ඉලුක්පිටිය පවසයි.

අද (18) පෙරවරුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

එහි දී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මේ වන විට ආගමන විගමන දෙපාර්තමේන්තුව VFS ආයතනය සමග ගිවිසුමකට එළඹ ඇති බවත් ඒ හරහා මිලියන 3ක 4ක සංචාරකයින් සංඛ්‍යාවක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් ය.

“නව වීසා ක්‍රමවේදයක් අපි හඳුන්වා දීලා තිබෙනවා. දැන් ඒ වීසා ක්‍රමවේදය ඉදිරි සතිය දෙක තුළ අපි ක්‍රියාත්මක කරනවා. ඒකෙදි අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම පෙර වීසා ක්‍රමයේ තිබුණු සංකීර්ණ භාවය සරල කරපු එක. ඒකෙදි කලින් වීසාවක් ඇත්තටම පිටරට ඉන්න කෙනෙකුට අරගන්න වෙන්නෙ ලංකාවට ඇවිල්ලා. ලංකාවේ සංචාරක වීසාවක් නම් මාසෙකට ඇවිල්ලා මාසයක් හිටියට පස්සේ දීර්ඝ කරගන්න තමයි තිබුනේ. දැන් මේ නව වීසා ක්‍රමවේදය හරහා එහෙම නැහැ. කෙනෙකුට විදේශ රටේ ඉඳලම අදාල වීසා කාලය සම්පූර්ණයෙන්ම අපෙන් වීසාවක් විදිහට අරගෙන එන්න පුළුවන්කම මේ හරහා ලැබෙනවා. ඒ වගේම නව වීසා ක්‍රමවේද ගණනාවක් හඳුන්වලා දීලා තියෙනවා. Online තාක්ෂණය යටතේ වැඩ කරන අයට ලංකාවට ඇවිල්ලා ලංකාවේ නේවාසිකව ඉදගෙන වැඩකරන්න nomad නමින් නව වීසා ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. ආයෝජකයන්ට විශාල වීසා ක්‍රමවේද වසර 10 පවා කාලයක් සඳහා වීසා ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් හදලා තියනවා. ඒත් එක්කම ඉදිරියේ දී permanent resident, නිත්‍යවාස වීසාවක් ජීවිත කාලය පුරාවටම ලබා දෙන්නත් අපි හඳුන්වා දෙන වැඩසටහන සංවිධානය කරලා ක්‍රියාත්මක කරන්න අවසන් කරලා තියනවා.“

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img