Monday, April 13, 2026
23.2 C
Sri Lanka

ජනාධිපතිවරණයට බලපෑම් කරන්න අලුතෙන්ම එකතු වෙන දේ.

ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීමේදී මෙරට උද්ධමන අනුපාතය සහ ජාතික පාරිභෝගික මිල දර්ශකය සැලකිල්ලට ගැනීමට නියමිතය.

ඉකුත් 2019 වසරේ නොවැම්බර් මාසයේදී අවසන්වරට ජනාධිපතිවරණය පැවැති අතර, ඒ අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය මේ වසරේ නොවැම්බර් මාසයේදීය.

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ පනතට අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන්වීමට මාසයකට පෙර ජනාධිපතිවරයා තෝරාපත්කර අවසන් කළ යුතුය. ඒ අනුව ජනාධිපතිවරණය සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස අතර වූ කාලයේදී පැවැත්වීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට පැවරේ.

මෙවර ජනාධිපතිවරණය පැවැත්වීමේදී 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන කිරීමේ පනතද සම්මත වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ අනුව, අදාළ අපේක්ෂකයා ඡන්දදායකයෙකු වෙනුවෙන් වැයකළ යුතු මුදල තීරණය කරනු ලබන්නේ මැතිවරණ කාලසීමාවේ රටේ උද්ධමනය සහ ජාතික පාරිභෝගික මිල දර්ශකය සැලකිල්ලට ගනිමිනි.

නාමයෝජනා භාරදීමේ කාලසීමාව අවසන්වීමෙන් පසුව දින පහක කාලයක් ඇතුළතදී මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණයට තරග කරන පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් විමසා අදාළ මුදල තීරණය කරන්නේය. මෙහිදී ජනාධිපතිවරණයකදී නම් දේශපාලන පක්ෂයක් නියෝජනය නොකරන සෑම අපේක්ෂකයෙකුගෙන් අදාළ විමසීම් සිදුකළ යුතුය.

මෙහිදී අදාළ මැතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නියම කරන යම් මුදලකින් දිවයිනේ මැතිවරණ කොට්ඨාසවල ලියාපදිංචි සමස්ත ඡන්දදායකයන් සංඛ්‍යාව ගුණකර ලැබෙන මුදල අදාළ අපේක්ෂකයා විසින් වැයකළ යුතුය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img