Sunday, April 12, 2026
25.2 C
Sri Lanka

වැඩි මිලට ඖෂධ වික්ක පෞද්ගලික රෝහලකට දඩ.

ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව ඖෂධ සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා ඖෂධ 11ක් අලෙවි කිරීම සම්බන්ධයෙන් නගා තිබූ චෝදනා සියල්ලටම කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධ්‍යක්ෂ මණ්ඩලයම, මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගත්හ.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පවරා තිබූ නඩුවට අදාළව වරද පිළිගත් එම පෞද්ගලික රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයට රුපියල් විසිපන්දහසක (25000) දඩ මුදලක් ගෙවන ලෙස අධිකරණය නියෝග කළේය.

සිය මවට ප්‍රතිකාර ලබාගැනීම සඳහා අදාළ පෞද්ගලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ලබාදුන් ඖෂධ 11කට නියමිත මිලට වඩා වැඩි මුදලක් අය කිරීම සම්බන්ධයෙන් නුගේගොඩ පදිංචි සනත් කුමාර අතුකෝරාළ යන අය විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත පැමිණිලි කර තිබිණි.

එම පැමිණිල්ලට අනුව පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් 2023 දෙසැම්බර් 15 වැනිදා අදාළ පෞද්ගලික රෝහල සහ එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් 10 දෙනා විත්තිකරුවන් ලෙස නම් කරමින් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරන ලදී. කොළඹ පිහිටි එම පෞද්ගලික රෝහල විසින් උපරිම සිල්ලර මිල ඉක්මවා රෝගියකුට ඖෂධ අලෙවි කිරීම මගින් අදාළ රෝහල සහ අධ්‍යක්ෂ මණ්ඩලය ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බව සඳහන් කරමින් චෝදනා 11ක් යටතේ මෙම නඩුව පවරා තිබිණි.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස සිවකුමාර් සෙල්ලයියා, හරේෂ් කුමාර් කයිමාල්, විශාල් බාලි, අශෝක කාරියවසම් පතිරගේ, අන්කූර් නාන්ද් තදානි, කරුණාමුණි මංජුල ප්‍රසන්න කරුණාරත්න, සුදර්ශන් අහංගම, ගාර්දිය ලොකුගේ, හැරිස් ප්‍රේමරත්න, අජිත් කරුණාරත්න, බී.ඩී. සඳතිසරු සහ අදාළ පෞද්ගලික රෝහල නම් කර තිබිණි. මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා ඇතුළු 7 දෙනෙකු නම් කර තිබිණි.

මෙම නඩුව සඳහා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන පෞද්ගලික රෝහල විසින් උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කරන ලද ඖෂධවලට අදාළ බිල්පත් සහ වෛද්‍ය වාර්තා පිළිබඳවද ජාතික ඖෂධ නියාමන අධිකාරිය නඩු පවරන අවස්ථාවේදී අධිකරණය වෙත දැනුම් දී තිබිණි.

මෙම නඩුව 2023 දෙසැම්බර් 15 වැනිදා සලකා බැලූ මාලිගාකන්ද ප්‍රධාන මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම, එම පෞද්ගලික රෝහලට සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලුදෙනාම, 2024 ජනවාරි 23 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් නොතිසි නිකුත් කළාය. ඒ අනුව මෙම නඩුව ඉකුත් 23 වැනිදා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබූ බැවින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීහු සිය නීතිඥවරු සමග පැමිණිලිකරුද අධිකරණය වෙත පැමිණ සිටියහ.

එහිදී ඔවුන්ට අධිකරණයේ රෙජිස්ටාර් කාර්යාලයෙන් දැන ගැනීමට ලැබී ඇත්තේ අදාළ නඩුව ජනවාරි 17 වැනිදා කැඳවූ බවයි.

විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ධනුෂ්ක වීරසිංහ විසින් ගොනු කරන ලද මෝසමකට අනුව නඩුව කැඳවා තිබෙන බවත්, වැඩබලන මහෙස්ත්‍රාත් ඉදිරියේ සියලු චෝදනාවන්ට වරද පිළිගෙන ඇති බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට සහ පැමිණිලි පාර්ශ්වයට දැන ගැනීමට ලැබී තිබේ.

අදාළ පෞද්ගලික රෝහලේ සියලුම විත්තිකාර අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් ඔවුන්ගේ බලයලත් නියෝජිත කැලුම් ගිමේන්ත්‍ර ජයසූරිය අධිකරණය හමුවේ එදින පෙනී සිට තිබේ.

ඒ අනුව වැඩබලන මහෙස්ත්‍රාත් ඉදිරියේ විත්තිකාර අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් නගා තිබූ චෝදනා කියවා දීමෙන් අනතුරුව, එම චෝදනා සියල්ලටම වරද පිළිගෙන තිබේ.

අනතුරුව වැඩබලන මහෙස්ත්‍රාත් විත්තිකරුවන්ට අදාළ චෝදනා සියල්ලටම දඩ නියම කර තිබේ.

ඒ අනුව විත්තිකරුවන් වරද පිළිගත් චෝදනා 11ට අදාළ රුපියල් 25,000 දඩ මුදල මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ගෙවා තිබේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img