Tuesday, March 31, 2026
21.2 C
Sri Lanka

උඩගිය භාණ්ඩ, බිමටම බස්සන සුදානම්.

ඉදිරි උත්සව සමයේ සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා එළවළුවල මිල අඩු කිරීම සඳහා කැබිනට් මණ්ඩලය සාකච්ඡා කර තිබෙන බවත්, මෙලෙස මිල අඩු කිරීම සඳහා වෙනම වැඩපිළිවෙළක් සකස් කරන බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පැවසීය.

මෙරට පළමු වරට සහල් සබලකරණය කර (Fortifield Rice) (යකඩ සියයට එකක් සහ ෆෝලික් අම්ලය එකතු කරන ලද සහල්) පාසල් ළමුන් ලක්ෂ පහකට දිවා ආහාරය සඳහා කොළඹ රාමඩා හෝටලයේදී ඊයේ (01) පැවැති සමාරම්භක වැඩසටහනේදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය. මෙම අවස්ථාවට සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ලෝක ආහාර සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය අබ්දුල් රහීම් සිද්දකී ඇතුළු පිරිසක් සහභාගි විය.

පහ ශ්‍රේණියෙන් පහළ ළමුන්ගේ මන්දපෝෂණය සහ රක්තහීනතාවය වැළැක්වීම සඳහා මෙම සහල් ලබාදේ. එක් සිසුවෙකුට දිවා ආහාරය සඳහා මෙම සහල් ග්‍රෑම් 75 බැගින් පාසල් ළමුන් ලක්ෂ පහකට දිනකට සහල් මෙට්‍රික් ටොන් 04 බැගින් සැපයේ. මෙම වැඩසටහන ලෝක ආහාර සංවිධානයේ අනුග්‍රහය යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරනු ලබයි.

සබලකරණය කරන ලද සහල් මීට පෙරදී විදෙස් රටවලින් ආනයනය කළ අතර, එම සහල් මෙරට පළමු වරට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ කලංකුට්ටිය කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කෙරේ.

රටේ උද්ධමන වේගය නැවත ඉහළ ගොස් තිබෙන බවත්, එය ඉදිරියේදී පාලනය කිරීමට හැකි වෙතැයි බලාපොරොත්තු වන බවද කෘෂිකර්ම ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

ඉකුත් වසරේ (2023) දත්ත වලට අනුව මෙරට පාසල් ළමුන්ගෙන් සියයට 15.3 ක් පෝෂණ ඌනතාවයෙන් පෙළෙන බවත්, එමෙන්ම පාසල් ළමුන් සියයට 7.4 ක ප්‍රමාණයක් අධි පෝෂණයෙන් පෙළෙන බවද ඇමැතිවරයා කීවේය.

දෙමාපියන්ගේ ආර්ථික ගැටලු හා දරුවන්ගේ අවිවේකිත්වය නිසා දරුවන්ගේ පෝෂණ ගැටලු ඇතිවී තිබෙන බවද ඇමැතිවරයා පැවසීය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img