Tuesday, March 31, 2026
29 C
Sri Lanka

ලයිට් බිල අඩු වෙන එකක් නෑ.

පවතින තත්ත්වය හමුවේ විදුලි බිල අඩු වේ යැයි විශ්වාස කළ නොහැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය කියා සිටී.

එමෙන්ම නව විදුලි බල පනතේ වගන්ති කිහිපයක් අඩු නොකළහොත් විදුලි බිල තවත් වැඩි විය හැකි බවට එම සංගමය අනතුරු අඟවයි.

මෙම පනත කැබිනට් අනුමැතිය සඳහා යොමු කිරීමට පෙර ඒ සඳහා සාධනීය ලෙස අදහස් දැක්වීමට හා සාකච්ඡා කිරීමට වෘත්තිය සමිති ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, විශ්වවිද්‍යාල ආචාර්යවරු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ විදුලිබල ක්ෂේත්‍රය සඳහා උනන්දුවක් දක්වන සියලු දෙනා විසින් විෂයභාර ඇමැතිවරයාගෙන් ඉල්ලීම් කළ ද ඒ සඳහා කිසිදු අවස්ථාවක් ලබා නොදුන් බව එම සංගමයේ සභාපති ඉංජිනේරු ධනුෂ්ක පරාක්‍රමසිංහ කියා සිටියි.

ඔහු මේ පිළිබඳව පැවසුවේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකදීය.

තම සංගමය විසින් අවස්ථා දෙකකදී විදුලිබල පනත සඳහා අදහස් ලබා දෙමින් ලිපි යොමු කර ඇති අතර එම අදහස් දැනට සකස් කරනු ලබන පනතේ ඇමුණුම් සඳහා පාදක කරගත් බව හෝ පාදක කරගන්නා බව දැනගැනීමට කිසිදු අයකුට මේ වනතුරු අවස්ථාවක් ලැබී නොමැති බව එම සංගමය පෙන්වා දෙයි.

මෙම පනතෙන් විදුලිබිල අඩුවීම සම්බන්ධව හා විදුලි සුරක්ෂිතතාව පිළිබඳව සඳහන් නොවීම විශාල ගැටලුවක් බව ද එහිදී හෙතම කියා සිටියේය.

මේ අයුරින් සියලු පාර්ෂව විසින් පනතේ උන්නතිය සඳහා ලබා දුන් අදහස් හා යෝජනා ඉදිරි ඇමුණුම සෑදීමේදීද කුණු බාල්දියට යවමින් කටයුතු කළහොත් එය කැබිනට් අනුමැතිය ලබාගත්ත ද පාර්ලිමේන්තු අනුමැතිය ලබාගත්ත ද පනතේ සඳහන් කරුණු මහපොළොව මත ක්‍රියාත්මක කිරීමේදී පාරිභෝගිකයා, විදුලිබල සේවකයා හා රටේ ආර්ථිකය වලපල්ලට ඇද දැමීමට කටයුතු කරනු ඇතැයි සාධාරණ බියක් ඇති බව ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img