Monday, March 30, 2026
21.5 C
Sri Lanka

වසර 33කට පසු කොටු වූ ඝා#තන සැකකාරිය

උපක්‍රමශීලීව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරයෙකු නිවසට ගෙන්වා ගෙන පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් මහාධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමව සිටි අඹු සැමි යුවළකගෙන් කාන්තාව බණ්ඩාරගම පමුණුගම නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කාන්තාව ඝාතනය සිදුවී වසර 33කට පසු මෙලෙස අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය පවසයි.

ඝාතනයට ලක්ව තිබුනේ වඩු ආරච්චිගේ අමරසිරි නැමති ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කල අයෙකි.

අත්අඩංගුවට ගත් සැකකාරිය එවකට ඝාතනයට ලක් වූ ඉංජිනේරුවරයා සිටි කාර්යාලයේ ඉංග්‍රීසි ලගු ලේඛිකාවක් ලෙස කටයුතු කර ඇති අතර දෙදෙනා අතර අනියම් සබඳතාවයක් පවත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය පවසයි.

 ඒ සම්බන්ධයෙන් සැකකාර ලගු ලේඛිකාවගේ ස්වාමිපුරුෂයා වන දැනට අතුරුදන්ව සිටින සැකකරුට දැන ගැනීමට ලැබීමෙන් අනතුරුව සැකකාරිය ලවා ඉංජිනේරුවරයාව 1989 ජනවාරි 13 වෙනි දින ඔවුන් පදිංචිව සිටි අතුරුගිරිය වැලිපිල්ලෑව ශ්‍රී සුමන මාවත නිවසට උපක්‍රමශීලීව ගෙන්වාගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.

අනතුරුව සැකකාර අඹුසැබි යුවළ එක්ව ඉංජිනේරුවරයාට පහරදී ඝාතනය කර ශරීරයේ කොටස් කර බැරලයකට බහා ඔවුන්ගේ වත්තේ පාළු ළිඳකට දමා වසා දමා තිබූ බව පොලිසිය පවසයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img