Sunday, March 29, 2026
27.3 C
Sri Lanka

ශ්‍රි පාද කරුණාවට ලක්ෂයකට අධික පිරිසක් එයි.

සති අන්ත නිවාඩුවට හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාදය කරුණා කිරිමට ලක්ෂයකට අධික වන්දනාකරුවන් පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.

දුම්රියෙන් සහ පෞද්ගලික බස් රථ සහ වෑන් රථ වලින් මෙසේ වන්දනාකරුවන් විශාල පිරිසක් පැමිණි බවත්, නල්ලතන්නියේ පිහිටි සියළුම රථ ගාල් වල වාහන සියල්ල ගාල් කර සෙසු වාහන නල්ලතන්නිය මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නල්ලතන්නිය රිකාටන් දක්වා කිලෝමිටර් පහක් දුරට ගාල් කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.

හැටන් මාර්ගයට අමතරව රත්නපුර රජමාවත ඇතුළු අනෙකුත් මාර්ග ඔස්සේද ශ්‍රි පාදය කරුණා කිරිමට විශාල පිරිසක් පැමිණිම හේතුවෙන් වන්දනාකරුවන් විශාල පිරිසක් ශ්‍රි පාදස්ථාන උඩ මළුව කරුණා කිරිමට නොහැකි විය.

මේ දිනවල ශ්‍රි පාද පුදබිම අවට දැඩි වියළි කාලගුණ තත්ත්වයක් අනාරක්ෂිත ස්ථාන වලින් දිය නැම සිදු නොකරන ලෙස නල්ලතන්නිය පොලිසිය වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටියි.

මෙම වන්දනාකරුවන් පිරිස දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පැමිණ ඇති බවත්, වන්දනාකරුවන්ට අවශ්‍ය පොදු පහසුකම් රාජ්‍ය සහ පෞද්ගලික අංශය එක්ව ලබා දි ඇත.

වන්දනාකරුවන්ගේ ආරක්ෂාව උදෙසා හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම ගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇත.

දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා ගමන් කිරිමට සහ ආපසු හැටන් දක්වා පැමිණිමට හැටන් ලංගම ඩිපෝව මගින් බස් රථ ගණනාවක් ධාවනයට එක් කර ඇති අතර , පෞද්ගලික බස් රථ ගණනාවක්ද ධාවනයට එක් කර ඇත. 

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img