Saturday, March 28, 2026
20.2 C
Sri Lanka

අනියම් පෙමක් නිසා 05දෙනෙකු රෝහලට.

කිලිනොච්චිය රාමනාදපුරම් කල්මඩුනගර් ප්‍රදේශයේදී දෙපාර්ශවයක් අතර ඊයේ (20) සවස ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධවලින් පහරදීම නිසා කාන්තාවන් තිදෙනෙකු ඇතුලු 05 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා.

ඒහිදී තියුනු ආයුධවලින් පහරදීම් සිදුකරන ලද පුද්ගලයින් 03 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවයි රාමනාදපුරම් පොලීසිය පවසන්නේ.

කල්මඩු නගර් ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇත්තේ එක් පාර්ෂවයක් අතර සිටි කානත්වක් අනියම් ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගෙන ඇතැයි පවසමින් ඇති වූ බහින්බස් වීමත් සමඟයි.

එම බහින්බස් වීමට පුද්ගලයින් දෙදෙනෙකුද මැදිහත් වී ඇති අතර අනතුරුව මෙම බහින්බස්වීම දුරදිග යාම හේතුවෙන් අනෙක් පාර්ශවයේ පිරිමි පුද්ගලයින් විසින් තියුණු ආයුධවලින් පහර දී පලාගිය බවයි වාර්තා වෙන්නේ.

මෙහිදී බරපතල කැපුම් තුවාල සහතිව කාන්තාවන් තිදෙනෙකු හා පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු කිලිනොච්චිය රෝහලට ඇතුලත් කළ අතර ඉන් දෙදෙනෙකුගේ තත්වය බරපතල වූ හෙයින් ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සදහා යාපනය ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.

මෙලෙස කැපුම් තුවාල ලබා ඇත්තේ අවුරුදු 28 සහ 30 වයස්හි පසුවන පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු හා අවුරුදු 28, 30 සහ 50 වයස්හි පසුවන
කාන්තාවන් තිදෙනෙක්.

පහරදීම සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කළ පොලීසිය විසින් කිලිනොච්චිය සහ වට්ටකච්චි ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img