Thursday, March 26, 2026
18.7 C
Sri Lanka

ජාතික හැඳුනුම්පත නැතිවුණොත් බුකියේ දාන්න එපා.

අස්ථානගත වූ මුදල් පසුම්බි තුළ ඇති ජාතික හැඳුනුම්පත්, විදෙස් ගමන් බලපත්‍ර ආදිය හිමිකරුවන් සොයා ගැනීමේ අරමුණින් සමාජ මාධ්‍යයේ ප්‍රදර්ශනය කිරීමට ඇතැමුන් පෙලඹීම හේතුවෙන් එම මුදල් පසුම්බිය අස්ථානගත වීමට වඩා හානියක් ඉන් විය හැකි බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පෙන්වා දෙයි.

අස්ථානගත වූ මුදල් පසුම්බි හිමිකරුවන්ටදීමේ අරමුණින් ඇතැම් පුද්ගලයන් එම මුදල් පසුම්බි තුළ ඇති ජාතික හැඳුනුම්පත් අංක, විදෙස් ගමන් බලපත්‍ර, කාර්යාලීය හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර ආදියෙහි ඡායාරූප ගෙන ඒවා ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යයෙහි ප්‍රදර්ශනය කරති.

පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කරන එවැනි ලේඛන සමාජ මාධ්‍යයෙහි ප්‍රදර්ශනය කිරීමෙන් අපරාධකරුවන්ට විවිධ අපරාධයන් සඳහා එම තොරතුරු යොදාගැනීමේ හැකියාවක් ඇති බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි චන්දිමා අරුමප්පෙරුම පෙන්වා දෙයි.

එම තොරතුරු යොදාගෙන ව්‍යාජ ලේඛන සකස් කර දුරකතන සමාගම්වලින් සිම්පත් පවා මිලදී ගැනීමේ හැකියාවක් ඇති බවද පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පෙන්වා දෙයි.

මේ හේතුවෙන් ජාතික හැඳුනුම්පත්, විදෙස් ගමන් බලපත්‍ර, රියැදුරු බලපත්‍ර ආදිය සමාජ මාධ්‍යයේ ප්‍රදර්ශනය කිරීමෙන් වැළකී සිටින ලෙස පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගෙන් ඉල්ලා සිටියි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img