Thursday, March 26, 2026
18.7 C
Sri Lanka

ඉහළ අහසේදී ගුවන් නියමුවන් දෙදෙනාට හොඳටම නින්ද යයි.

ඉන්දුනීසියාවේ අභ්‍යන්තර ගුවන් ගමනක යෙදෙමින් තිබූ ගුවන් යානයක නියමුවන් දෙදෙනාට ඉහළ අහසේදී නින්ද ගොස් ඇතිබව වාර්තා වෙයි.

එරට ප්‍රකට ‘බතික් එයා’ ගුවන් යානයක් සුලවෙසි ගුවන්තොටුපොළේ සිට ජාකර්තා ගුවන්තොටුපොළට පියසර කරමින් තිබීයදී එම සිද්ධිය වාර්තා වුණි.

ජනවාරි 25 වනදා එය සිදුව ඇති අතර ඒ වනවිට ගුවන් යානයේ මගීන් සහ කාර්ය මණ්ඩලය 153 දෙනෙක් සිට තිබේ.  

ඒ හේතුවෙන් Airbus A320 ගුවන් යානය සුළු වෙලාවක් නියමිත ගමන් මාර්ගයෙන් වෙනත් දිසාවකට ගමන් කර තිබුණ ද එම ගුවන් යානය නිරුපද්‍රිතව ගොඩ බැස්සවීමට නියමුවෝ සමත්වූහ.

නමුත් එම නියමුවන් දෙදෙනාට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කිරීමට එරට ප්‍රවාහන අමාත්‍යංශය කටයුතු කරයි.

ඔවුන්ගේ සේවය මේ වනවිට අත්හිටුවා තිබේ.

වාර්තාවන ආකාරයට 32 හැවිරිදි ප්‍රධාන නියමුවා යානය ගුවන් ගත වීමෙන් පැය භාගයකට පමණ පසු සහායක නියමුවාට දන්වා ඇත්තේ තමාට විවේකය අවශ්‍ය බැවින් ගුවන් යානයේ පාලනය ගන්නා ලෙසයි.

සහායක නියමුවා ඊට එකඟ වී තිබුණි.

නමුත් අනතුරුව සහායක නියමුවාටත් නින්ද ගොස් තිබේ. 

ඔහු ගේ බිරිඳට ඊට මාසයකට පමණ පෙර නිවුන් දරුවන් ඉපදී ඇති අතර ඔහු දරුවන්ගේ කටයුතු සඳහා බිරිඳට සහාය වන බැවින් හරිහැටි නිදා ගෙන නොතිබූ බව සඳහන් ය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img