Thursday, March 26, 2026
29.1 C
Sri Lanka

අපනයන තහනම දිගටම ලොකු ලූනු මිල ඉස්සෙන හැඩ.

ඉන්දියාව ලොකු ලූනු අපනයනය සඳහා වූ තහනම දින නියමයක් නොමැතිව දීර්ඝ කිරීම හරහා මෙරට ලොකුලූනු මිල ඉහළ යාමේ අවදානමක් පවතින බව වාර්තා වේ.

ඉන්දියාව විසින් දෙසැම්බර් මාසයේදී පනවන ලද මෙම තහනම අවසන් වීමට නියමිතව තිබුණේ ලබන 31 වැනිදායින්ය.

මෙරට වාර්ෂික ලොකුලූනු පරිභෝජනය මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස්දහසක් පමණ වන අතර ඉන් සියයට පනහකට වැඩි ප්‍රමාණයක් ආනයනය කරනු ලබන්නේ ඉන්දියාවෙනි.

ඉන්දියාව විසින් පනවන ලද මෙම තහනමත් සමග බොහෝ රටවල ලොකුලූනු මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර දැනටමත් මෙරට වෙළෙඳපොලේ ලොකුලූනු කිලෝග්‍රෑමයක් අලෙවි වන්නේ රුපියල් 600ත් 700ත් අතර මිලකට වේ.

කෙසේ වෙතත් වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු පසුගියදා ප්‍රකාශ කළේ එළැඹෙන උත්සව සමයේදී ලොකුලූනු කිලෝවක් රුපියල් 375ත් 400 අතර මිලකට පාරිභෝගිකයාට ලබා ගත හැකි වන ලෙස කටයුතු කරන බවය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img