Wednesday, March 25, 2026
25.3 C
Sri Lanka

ජනවාරිය දක්වා වෙනස් නොවන බද්දක්.

දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බවත්, දේශිය ගොවීන් සහ නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ඒ් වෙනුවට තීරු බද්ද හා බැඳුණු නව බද්දක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ දේශීය ගොවීන්ගේ නිෂ්පාදන වෙළඳ පලට පැමිණෙන වකවානුවේදී ඔවුන් ආරක්ෂා කිරීම සඳහා ක්ෂණිකව හඳුන්වා දිය හැකි බද්දක් ලෙස විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉතා වැදගත් වු බවයි.

නමුත් එම බද්ද පනවන වකවානුව තුළ රට තුළ ඇති භාණ්ඩ තොග සඳහා වැඩි අගයක් ආරෝපණය වීම, එසේම එම බද්ද අඩුකළ අවස්ථාවලදී රටතුළ ඇති භාණ්ඩවල මිල ගණන් අඩු නොවී අපේක්ෂා කළ සහනය ජනතාවට නොගොස් ව්‍යාපාරිකයා පැත්තට යාම වැනි කරුණු මෙන්ම සමාජයේ කුකුසට භාජනය වී තිබෙන කරුණු මෙම බදු ක්‍රමය අහෝසි කිරීම තුළින් බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

කෙසේ වෙතත් ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා ගොවි නිශ්පාදන වෙළඳපලට පැමිණෙන වකවානුව නිශ්චිතව හඳුනාගෙන, දියුණු රටවල මෙන් තීරුබදු හා බැඳුනු නව බදු ක්‍රමවේදයක් හදුන්වා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img