Wednesday, March 25, 2026
28.1 C
Sri Lanka

බංගලියන්ට එරෙහි තීරණාත්මක තරගය අද – තරගයටත් පෙර එරට උණුසුම් කළ ධනංජයගේ ප්‍රකාශය මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය චැටොග්‍රෑම් හිදි අද (30)ආරම්භ වනවා.

මෙම තරගාවලිය තරග 2කින් සමන්විතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ටෙස්ට් තරගය ලකුණු 328කින් ජය ගනිමින් 1-0ක් ලෙස මේවනවිට ඉදිරියෙන් පසුවනවා.

අද තරගයට ශකීබ් අල්හසන් යළි බංග්ලාදේශය පිලට කැඳවීම සම්බන්ධයෙන් ඊයේ (29) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට ධනංජය ද සිල්වා ලබාදුන් පිළිතුරක් පිළිබඳව එරට මාධ්‍යත් මේවනවිට කතාබහට ලක්කර තිබෙනවා.

ශකීබ් තරගයට කැඳවීම ගැන මොකද හිතන්නේ? යැයි මාධ්‍යවේදියෙක් විමසු විට

ධනංජය ද සිල්වා – “මට දැන් කිසිදෙයක් කියන්න බැහැ.”

මාධ්‍යවේදියා – ඔයා දැන් ශකීබ් ගැන කිසිම දෙයක් කියන්නේ නැද්ද?

ධනංජය ද සිල්වා – “මම මොකටද කියන්නේ? එයා මගේ කණ්ඩායමේ නෙමෙයි. බංග්ලාදේශ කණ්ඩායමෙන් තමයි අහන්න ඕනේ.”

මාධ්‍යවේදියා – ශකීබ් ප්‍රතිවාදී පිලේ ක්‍රීඩකයෙක්

ධනංජය ද සිල්වා – “මම මොකටද ඔහු ගැන කතා කරන්නේ. එයා මගෙන් ශකීබ් ගැන අහනවා. සමහර විට ඔයා මාව වැරදියට තේරුම්ගෙන ඇති.”

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img