Sunday, September 22, 2024
22.2 C
Sri Lanka

පොලිස් ලොක්කන්ව ‘අමාරුවේ දාන’ ආන්දෝලනාත්මක සුරුපිණිය.

ඉහළ පොලිස් නිලධාරීන් සමග සුහදතාවයක් ගොඩනගාගෙන එම නිලධාරීන් අපහසුතාවයට පත් කරන සුරූපි කාන්තාවක මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ විද්‍යුත් තැපැල්ලට ලද ඒ ආකාරයේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි කොට්ඨාශය යොදවා සිදුකළ විමර්ශනයකදී එය ව්‍යාජ පැමිණිල්ලක් බවට තහවුරු වීමෙන් පසු සිදුකළ පොලිස් විමර්ශන වලින් අනතුරුව එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම කාන්තාව ජංගම දුරකථන දෙකක් භාවිතා කොට එක් දුරකථනයක කප්පම් ඉල්ලා මරණ තර්ජනය කොට ලිපියක් සකසා එය ඇයගේම අනෙක් ජංගම දුරකථනයට යවා ඇති බවයි .

එම කාන්තාව පේරාදෙණිය හිඳගල ප්‍රදේශයේ ලිපිනයක පදිංචි බවට පැමිණිල්ලේ සඳහන් කොට තිබුනත් එවැනි ලිපිනයක් නොමැති බවට බුද්ධි නිලධාරීන් තහවුරු කර ගැනීමෙන් පසු ඒ පිළිබඳ ව වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට භාරදීමෙන් අනතුරුව ඇයගේ ජංගම දුරකථනයේ ලිපිනයට අනුව කැකිරාව තලාව ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිව තිබෙනවා.

ඇහැළියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 21 වැනි දින නිල නිවාසය තුළදී තම රාජකාරි පිස්තෝලයෙන් වෙඩි තබාගෙන මිය යාමට පෙර අවසන් වරට දුරකථන ඇමතුමක් ලැබී ඇත්තේ ද ඇයගේ දුරකථනයෙන් බවට විමර්ශනවලදී අනාවරණය වී තිබුණා.

ඇය එම මරණ පරීක්ෂණයේදී ව්‍යාජ නමකින් සාක්ෂි ලබා දී ඇති බවටද අනාවරණය වී ඇති අතර ඒ පිළිබඳව ද පුළුල් විමර්ශනයක් ආරම්භ කොට ඇති බවයි වාර්තා වන්නේ.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img