Monday, March 23, 2026
27.5 C
Sri Lanka

ලංකාව බංගලියන් පැරදූ අපූරුව.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 192කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) සමත් වුණා.

ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ තරගාවලිය තරග 2 – 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.

තරගය ජය ගැනීම සඳහා ලකුණු 511ක ඉලක්කයක් හඹා ගිය සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම තරගයේ පස්වන දිනයේ දී ලකුණු 318කට සියලුදෙනා දැවී ගියා.

බංග්ලාදේශ දෙවැනි ඉනිම වෙනුවෙන් මෙහෙදී හසන් මිරාස් නොදැවී ලකුණු 81ක් රැස් කළ අතර මොමිනුල් හක් ලකුණු 50යි.

පන්දු යැවීමේදී, ළහිරු කුමාර ලකුණු 50කට කඩුලු 4ක් දවාගත් අතර කමිඳු මෙන්ඩිස් ලකුණු 32කට කඩුලු 3යි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 531ක් රැස්කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 92ක් රැස්කරගත්තා.

කුසල් මෙන්ඩිස් ලකුණු 93ක් රැස්කළ අතර දිමුත් කරුණාරත්න ලකුණු 86ක් රැස් කළා.

පන්දු යැවීමේදී බංග්ලාදේශ පළමු ඉනිම වෙනුවෙන් ෂකීබ් අල් හසන් කඩුලු 03ක් දවාගත්තා.

බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා රැස්කළේ ලකුණු 178ක් පමනයි..

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු පන්දුවාර 10යි පන්දු 4කදී ලකුණු 34කට කඩුලු 4ක් දවාගත්තා.

ළහිරු කුමාර, ප්‍රභාත් ජයසූරිය සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වුණා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img