Monday, March 23, 2026
28.9 C
Sri Lanka

ඕනෑම වාද විවාදයකට මම සූදානම් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

මේ මොහොත වන විට රටේ ප්‍රශ්න ගැන විවාදයක් අවශ්‍ය බවට සමාජයේ කතාවක් යන බවත් එවැනි විවාදයක් සිදු විය යුතු බවට තමා පිළිගන්නා බවත් විවාද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක උසස් ගුණාංගයක් නිසා තමා ඕනෑම විවාදයකට සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආර්ථික, සමාජයීය, දේශපාලන, ජාත්‍යන්තර ආදී ඕනෑම ක්ෂේත්‍රයක් ඕනෑම මාතෘකාවක් ගැන වාද විවාද කිරීමට තමා සූදානම් බවත් වාද විවාද කිරීම මෙන්ම ඒ හරහා රටටත් ජනතාවටත් අගයක් එකතු විය යුතු බවත් විපක්ෂයේ සිටින කාලය වාද විවාදවලට පමණක් සීමා නොකර ජනතාවට සේවයක් අගයක් ඉටු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම ඕනෑම වාද විවාදයකට තමා සූදානම් සේ තමා සමඟ තරගයට රටට සේවය කිරීමට පැමිණෙන ලෙසට ඕනෑම පක්ෂයකට අභියෝග කරමින් සිටින බවත් වාද විවාද සේම රටට සංවර්ධනයක් උදා කරන්නත් තමා සූදානම් බවට සතුටින් ප්‍රකාශ කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 140 වැනි අදියර යටතේ අද මුලතිව් ඔඩ්ඩුසුඩාන් මුත්තුඅයියන්කට්ටු වම් ඉවුර ර.දෙ.මි. පාසලට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවේ දී විද්‍යාලයට අවශ්‍ය පොත් ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

රටෙන් හරි අඩක් දුප්පත්

අද එන්න එන්න අප රටේ දුප්පත්කම වර්ධනය වී ඇති බවත් ලෝක බැංකුවට අනුව ශ්‍රී ලංකාවේ දුප්පතුන් ප්‍රමාණය දෙගුණ වී ඇති බවත් මේ රටෙන් හරිඅඩක් දුප්පත්කමින් පෙළෙන බවත් මේ නිසා ජන ජීවිත, සෞඛ්‍ය කඩා වැටී මන්දපෝෂණය වර්ධනය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම ජාතික මට්ටමින් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් අවශ්‍ය බවත් වර්තමානයේ මෙන් සීමාසහිත කාලවකවානුවකට මුදල් බෙදා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක බවත් එය අසාර්ථක තාවකාලික පැලැස්තර විසඳුමක් බවත් නිෂ්පාදනය ආයෝජනය පාරිභෝජනය සහ ඉතිරිකිරීම ඇතුළත් දුගී බව තුරන් කිරීමේ වැඩපිළිවෙළක් අවශ්‍ය වුවත් ආණ්ඩුව අවිද්‍යාත්මක වැඩසටහනක් දියත් කරමින් සිටින බවත් විපක්ෂ නායකයවරයා මෙහි දී පැවසීය.

පාසල් දරුවන් බෙදන්න හොඳ නැහැ

පසුගිය දිනවල ප්‍රාථමික දරුවන් පමණක් තෝරා දිවා ආහාරය ලබා දීම රජය සිදු කළත් එය වැරදි බවත් 41 ලක්ෂයක් පාසල් දූදරුන්ව තේරීම සිදු කිරිම වැරදි බවත් සමස්තයටම දිවා ආහාරය ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 140ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1413ක් වැය කර තිබේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img