Monday, March 23, 2026
21 C
Sri Lanka

ඉන්දීය දේශපාලන වේදිකාවේ උණුසුම්ම මාතෘකාව ලංකාවේ කච්චතිව්.

ශ්‍රී ලංකාවට කච්චතිව් දූපත පවරාදීම මේවනවිට ඉන්දීය දේශපාලන වේදිකාවේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම සම්බන්ධයෙන් ඉන්දීය කොංග්‍රස් පක්ෂයට එල්ල කරන්නේ දැඩි චෝදනාවකි.

ඒ ලබන 19 වැනිදා සිට තමිල්නාඩු ප්‍රාන්තයෙන් ඉන්දිය මහමැතිවරණය ආරම්භ වීමට නියමිත පසුබිමකයි.

ඉතිහාසයේ සිට අයිතිය සම්බන්ධයෙන් විවිධ මතවාද පැවැති කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමිවන්නේ, 1974 වසරේදීයි.

ඒ එවක ඉන්දීය අගමැති ඉන්දිරා ගාන්ධි සහ ශ්‍රී ලංකා හිටපු අගමැති සිරිමාවෝ බණ්ඩාරණායක අතර අත්සන් තැබුණු ගිවිසුමක ප්‍රතිඵලයක් වශයෙනුයි.

ශ්‍රී ලංකාවට අයත් දූපත් සමූහය අතරින් වඩාත්ම දුරින් පිහිටි මෙම දූපත, රාමේෂ්වරම් නගරයට වඩාත් ආසන්නව පිහිටා තිබෙනවා.

කච්චතිව් දූපතේ අයිතිය ගිවිසුමකින් ලංකාවට හිමිවුවත්, වසර ගණනාවක් පුරා ඉන්දීය දේශපාලන පක්ෂ මේ දූපත ගැන විවිධ ස්ථාවරවල පසුවනවා.

තමිල්නාඩුවෙන් ලබන 19 වැනිදා ආරම්භවන මහ මැතිවරණයත් සමග මෙම දූපත ඉන්දීය දේශපාලන වේදිකාවේ මාතෘකාව බවට පත්ව අවසන්.

ඒ, තමිල්නාඩු ප්‍රාන්තයේ භාරතීය ජනතා පක්ෂයේ නායක කේ.අන්නමලෙයි තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම සම්බන්ධයෙන් වාර්තාවක් ද ඉල්ලා සිටීමත් සමගයි.

එක්ස් පණිවිඩයක් තබමින් අගමැති නරේන්ද්‍ර මෝදි පවසන්නේ, 1974දී කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම සම්බන්ධයෙන් ඉන්දියානුවන් කෝපයට පත්ව ඇති බව සහ කොංග්‍රස් පක්ෂය පිළිබඳව විශ්වාසය බිඳවැටී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අගමැති මෝදි උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පැවති දේශපාලන රැළියකදී ද කොංග්‍රස් පක්ෂයට චෝදනා කර තිබුණා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img