Wednesday, September 25, 2024
28.7 C
Sri Lanka

දකුණු අප්‍රිකාව පරදා ඉතිහාසගත ජයක් ලැබූ කාන්තා ක්‍රිකට් පිල.

නායිකා චමරි අතපත්තු සහ හර්ෂිතා මාධවීගේ විශිෂ්ට පිතිහරඹයන් හේතුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව ඉතිහාසගත ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණඩායම ඊයේ (03) සමත් වුණා.

දෙරට අතර ඊස්ට් ලන්ඩන්හිදී ඊයේ පැවති තෙවැනි විස්සයි20 තරගය කඩුලු 4කින් ජය ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහි ඉතිහාසයේ පළමු විස්සයි20 තරගාවලි ජය වාර්තා කළා.

මින් පෙර දෙරට අතර ද්වීපාර්ශ්වික විස්සයි20 තරගාවලි 3ක් පවත්වා ඇති අතර, එම තරගාවලි ත්‍රිත්වයේම ජය දකුණු අප්‍රිකාව සතුවී තිබෙනවා.

මෙය ශ්‍රී ලංකා පිල මව්බිමෙන් පිටතදී ලැබූ සිව්වැනි විස්සයි20 තරගාවලි ජය ලෙස සටහන් වන අතර, මින් පෙර ඉන්දියාව (2014), පාකිස්තානය (2015) සහ බංග්ලාදේශයට (2023) එරෙහිව තරගාවලි ජය ගෙන තිබුණා.

මේ තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිලේ ආරාධයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු පිල කඩුලු 6ක් දැවී ලකුණු 155ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දු 5ක් ඉතිරිව තිබියදී ජය තහවුරු කර ගත්තේ කඩුලු 6ක් පමණක් අහිමි කර ගනිමිනුයි.

මේ තරගාවලියේ දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාව ජයග්‍රහණ කරා රැගෙන ගිය විශ්මි ගුණරත්නගේ ඉනිම ඊයේ එක් ලකුණකට සීමා වීමෙන් අනතුරුව නායිකා චමරි අතපත්තුට එක් වූ හර්ෂිතා මාධවී ලකුණු 97ක සබඳතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවතට රැගෙන ගියා.මේ සබඳතාව වාර්තා අතරට එක් වූයේ විස්සයි20 තරගයකදී ශ්‍රී ලංකා කාන්තා පිල වෙනුවෙන් දෙවැනි කඩුල්ලට ගොඩනැඟුණු ඉහළම සබඳතාව ලෙසයි.

ඊයේ 9 වැනි විස්සයි20 අර්ධ ශතකය රැස් කළ චමරි දැවී යෑමෙන් එම සබඳතාව නිමා වුවද එක් අන්තයක් රැකගත් හර්ෂිතා කණ්ඩායම ජයග්‍රහණ කරා රැගෙන ගියේ නොදැවී ලකුණු 54ක් රැස් කරමිනුයි.

දකුණු අප්‍රිකානු කාන්තා පිල – 155/6යි. (ඕවර 20) ලෝරා වොල්වාඩ්ට් 56, නාඩිනෙ ඩි ක්ලර්ක් නොදැවී 44, ඇනෙකේ බොෂ් 27 (සුගන්දිකා කුමාරි 24/3, ඉනෝෂි ප්‍රියදර්ශනී 18/1, කවීෂා දිල්හාරි 22/1, උදේශිකා ප්‍රබෝධනි 49/1)

ශ්‍රී ලංකා කාන්තා පිල – 156/6යි. (ඕවර 19.1) චමරි අතපත්තු 73, හර්ෂිතා මාධවී නොදැවී 54 (නාඩිනෙ ඩි ක්ලර්ක් 25/2)

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img