Sunday, March 22, 2026
21.9 C
Sri Lanka

කෙහෙළියට නඩු පිට නඩු – හිරේදීම මිලියන 100ක වන්දි ඉල්ලයි.

රජයේ රෝහලක ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයෙන් පසු බිංදු වශයෙන් භාවිත කරන දියර ඖෂධය වන ‘ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේෂන්’ භාවිතය හේතුවෙන් සදාකාලික පෙනීම අහිමි වූ රෝගියෙකු තම ඇස්වලට වු හානියත්, තවත් රෝගීන් 08 දෙනෙකුගේ ඇස්වලට සහ ජීවිතවලට ඇති වූ තර්ජනයත් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබෙනවා.

වින්දිතයෙක් වු ලක්වූ කඳපොළ පදිංචි මක්කාරි රාජරත්නම් ඉන්වික්ටස් නීතිඥ සමාගම හරහා කෙහෙළිය රඹුක්වැල්ල, ජනක චන්ද්‍රගුප්ත, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න.වෛද්‍ය විජිත් ගුනසේකර,වෛද්‍ය අසේල ගුණවර්ධන, වෛද්‍ය රොහාන් එදිරිසිංහ, වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න සහ යක්කල චමී කෙමිස්ට් (පුද්ගලික) සමාගමට එරෙහිව මෙම එන්තරවාසිය යොමුකර තිබුණා.

මුදල් නොගෙවන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට අනතුරු අඟවා තිබෙනවා.

ඉන්වික්ටස් නීතිඥ සමාගම ප්‍රකාශ කළේ තම සේවාදායකයා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර 2023 අප්‍රේල් 05 වන දින නුවරඑළිය මහ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයකට භාජනය කළ බවයි.

නුවරඑළිය රෝහලට අනුයුක්තව සේවය කළ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් තම සේවාදායකයා 2023 අප්‍රේල් 06 වැනි දින අක්ෂි ශල්‍යකර්මයට භාජනය කළ බවත්. ශල්‍යකර්මයෙන් පසු නිදහස් කළ සිය සේවාදායකයාට Indiana Opthalmics LLP India විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේට් අක්ෂි බිංදු භාවිතා කරන ලෙස නිර්දේශ කර ප්‍රකෘතිමත් වීමේ සහ රැකවරණයෙන් පසු කොටසක් ලෙස රෝහල විසින් එම ඖෂධය ලබා දී ඇති බවත් නීති සමාගම ප්‍රකාශ කරණවා.

එම අක්ෂි බිංදු කිහිපයක් යෙදීමෙන් පසු තම සේවාදායකයාට 2023 අප්‍රේල් 19 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී කඳුළු ගැලීම, අපහසුතාව, වේදනාව සහ හිසරදය ඇති වූ බව එහි වැඩිදුරටත් සඳහන් .

අනතුරුව 2023 මැයි මස 10 වැනිදා ජාතික අක්ෂි රෝහලට ඇතුලත් කර සිදුකළ වැඩිදුර වෛද්‍ය පරීක්‍ෂණයකින් අනතුරුව හෙළි වූයේ සැත්කමෙන් පසු කළ ප්‍රතිකාර සඳහා එම ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේට් භාවිතා කිරීමෙන් ඇසේ පෙනීම ක්‍රමයෙන් අඩුවෙමින් යන බවය. එම තත්ත්වය වින්දිතයා ද නිරීක්ෂණය කර තිබුණ බව නීතිඥ සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

එම අක්ෂි බිංදු ප්‍රමිතියෙන් තොර බවත් එම ඖෂධය භාවිත කළ රෝගීන්ට එන්ඩොෆ්තැනයිටිස් රෝගය වැළඳී ඇති බවත් එහි වැඩිදුරටත් වෛද්‍ය නිර්දේශ වී යැයි පෙත්සම්කරු පවසනවා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img