Friday, September 27, 2024
26.2 C
Sri Lanka

පොලීසියෙන් මහජනතාවට දැනුම්දීමක්.

උත්සව කාලසීමාව තුළ ව්‍යාජ මුදල් ජාවාරම්කරුවන් ඇතුළු කූඨ ව්‍යාපාරිකයින් පිළිබඳව දැඩි අවධානයකින් පසුවිය යුතු බව පොලීසිය මහජනතාවට දැනුම්දෙයි.

සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් මේ දිනවල ජනතාව විශාල වශයෙන් විවිධ භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින අතර එහිදී විවිධ ජාවාරම්කරුවන් පිළිබඳව ජනතාව කල්පනාකාරී වියයුතු බව පොලීසිය සඳහන් කළේය.

මේ අතර උත්සව සමය තුළ විනෝද චාරිකා යෑමේ දී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පැහැදිලි කළේය.

“චාරිත්‍ර වාරීත්‍ර ඉටුකළාට පස්සේ බොහෝ පිරිස් තමන්ගේ නෑදැයින් බලන්න යනවා. ගම්බිම්වල යනවා. යාළු මිත්‍ර ආදීන් බලන්න යනවා. විවිධ චාරිකා යනවා. විනෝද චාරිකා යනවා මේ නිවාඩු කාලසීමාවේ. මේවායෙදී විශේෂ අවධානය යොමුකළයුතු කාරුණු කිහිපයක් තියෙනවා. ගමන් කරන වාහන පුද්ගලික වාහන වෙන්න පුළුවන් පොදු වාහනයක් වෙන්න පුළුවන්. පුද්ගලික වාහනයක් නම් ඔබගේ වාහනය ධාවනය කරන රියදුරා මත්පැන් පානය කරලා ඉන්නවාද? අධික වේගයෙන් ගමන් කරනවද? ඒ වගේම තමයි මාර්ග නීති කඩකරනවාද කියලා අවධානය යොමු කරන්න. පොලිස් නිලධාරීන් අපි රාජකාරියේ යොදවලා ඉන්නවා දිවයින පුරාම දැඩි ලෙස රථ වාහන නීතිය ක්‍රියාත්මක කරනවා පොදු ප්‍රවාහන සේවකයින් මෙවැනි රියදුරෙක් ඉන්නවනම් ඔබට එරෙහි වෙන්නට අයිතිය තියෙනවා. මේ පුද්ගලයා මත්පැන් පානය කරලා කියලා තේරුණොත්, මාර්ග නීති කඩ කරමින් ගමන් කරනවා කියලා තේරුණොත් ඔබට විරුද්ධ වීමේ අයිතිය තියෙනවා. විශේෂයෙන්ම අදිවේගී මාර්ගයේ යම් කාරණයක් සිදුවූවොත් 1969 දැනුම්දීම් කරන්න.”

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img