Friday, March 20, 2026
20.9 C
Sri Lanka

අලුත් අවුරුද්දේ කැවිලි මේසයේ වියදම දෙගුණයකටත් වඩා වැඩිවූ හැටි.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ අනිවාර්ය සාම්ප්‍රදායික අංගයක් වන අලුත් අවුරුදු කැවිලි මේසය පිළියෙළ කිරීමේ වියදම 2019 වසරේ වියදම මෙන් දෙගුණයකටත් වඩා වැඩිවී තිබෙනවා.

2019 වසරේ වියදම මෙන් 2.2 ක ගුණයකින් ඉහළ ගොස් ඇති බවත් අලුත් අවුරුදු කැවිලි මේසය පිළියෙළ කිරීමේ වියදම පසුගිය වසරට (2023) වඩා සියයට 2 කින් පමණ සුළු පහත වැටී ඇති බවත් ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය පවසනවා.

‘වෙරිටේ රිසර්ච්’ ආයතනය පවත්වාගෙන යන PublicFinance.lk ප්‍රචාරය කළ අවුරුදු රසකැබිලි මේසයට දැරිය යුතු වියදම පිළිබඳව අධ්‍යනයකින් මෙම තොරතුරු හෙළි වූ බවත් පසුගිය වසරේ (2023) රසකැවිලි සෑදීමට ගන්නා අඩුමකුඩුමවල මිල 2019 වසරට සාපේක්‍ෂව 2.3 කින් ඉහළ මට්ටමක පැවතුණ ද මෙම වසරේ එහි සුළු අඩුවීමක් ඇති බවත් එම ආයතනය සඳහන් කළා.

මෙම විශ්ලේෂණයේදී පුද්ගලයන් 4 ක් හෝ 5 කින් යුත් නිවසක් සැළකිල්ලට ගනිමින් ආහාර සම්බන්ධ ප්‍රසිද්ධ යූටියුබ් නාලිකාවක ආහාර වට්ටෝරුව පදනම් කරගත් බවත් රසකැවිලි නිෂ්පාදනයට වැයවන විදුලිය සහ ගෑස් මෙහිදී සැළකිල්ලට ගෙන නොමැති බවත් ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය සඳහන් කරනවා.

මෙම සමීක්‍ෂණය සඳහා 2019, 2023 සහ 2024 වන වසරවල අප්‍රේල් මස පළමු සතියේ කොළඹ දිස්ත්‍රික්කයේ විවෘත වෙළෙඳපොළ සාමාන්‍ය මිල සහ සෘජුවම ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් ගත් මිල බව ද ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img