Friday, March 20, 2026
20.9 C
Sri Lanka

පෘථිවියේ සිට කිලෝමීටර 700 ක් පොලව යටින් සොයාගත් අලුත්ම දේ.

එක්සත් ජනපදයේ මැද බටහිර ප්‍රාන්තයක් වන ඉලිනොයිස් හි ඉවාන්ස්ටන් නගරයේ  නෝර්ත්වෙස්ටර්න් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් පෘථිවි පෘෂ්ඨයට යටින් පිහිටා තිබෙන විශාල ජල සංචිතයක්, නැතහොත් සාගරයක්  සොයාගෙන තිබෙන බව වාර්තා වනවා.

මෙම භූගත සාගරය පෘථිවිය මතුපිට සිට කිලෝමීටර 700 ක් පමණ පහළින් පිහිටා ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම එය පෘථිවියේ ඇති සියලුම සාගරයන් හි ප්‍රමාණය මෙන් තුන් ගුණයක් විශාල බව සඳහන් වනවා. මෙම සොයා ගැනීම, පෘථිවිය තුල ජලයේ මූලාරම්භය පිළිබඳව පෙර පැවති සංකල්ප පිලිබඳව ප්‍රශ්නාර්ථයක් එක් කරන අතර ම පෘථිවියේ හි භූ විද්‍යාව සහ ජල චක්‍රය අවබෝධ කර ගැනීම සඳහා නව මගක් විවර කරන බව විද්‍යාඥයින් පවසා තිබෙනවා.

විද්‍යාඥයින් පිරිස මෙම ජල සංචිතය සොයාගෙන ඇත්තේ ringwoodite නම් ඛනිජයක් තුළ එය සැඟව තිබිය දී බව ද වාර්තා වනවා. ඔවුන් පෘථිවියේ ජල ආරම්භය පිළිබඳව අදහස් දක්වමින් සාගර, පෘථිවිය තුළ භූගත ව ආරම්භ වී ක්‍රමයෙන් පෘථිවි හරයෙන් පිටතට කාන්දු වන්නට ඇතැයි පවසා තිබෙනවා.

මෙම පර්යේෂණයට නායකත්වය දුන් නෝර්ත්වෙස්ටන් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෙකු වන ස්ටීවන් ජේකබ්සන් සොයාගැනීමේ වැදගත්කම පැහැදිලි කරමින්, පෘථිවියේ ජලය, එය තුළ සිට පැමිණි බවට මෙය ප්‍රබල සාක්ෂියක් පෙන්නුම් කරන බව ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන් මෙම සොයාගැනීම සිදු කර ඇත්තේ එක්සත් ජනපදය පුරා ස්ථානගත කර ඇති භූ කම්පන 2000 ක් භාවිතා කරමින් සහ භූමි කම්පා 500 ක භූ කම්පන තරංග විශ්ලේෂණය කිරීමෙන් බව සඳහන් වනවා.

FacebookTwitterWhatsAppTelegramXShare

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img