Saturday, September 28, 2024
22.3 C
Sri Lanka

පෘථිවියේ සිට කිලෝමීටර 700 ක් පොලව යටින් සොයාගත් අලුත්ම දේ.

එක්සත් ජනපදයේ මැද බටහිර ප්‍රාන්තයක් වන ඉලිනොයිස් හි ඉවාන්ස්ටන් නගරයේ  නෝර්ත්වෙස්ටර්න් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් පෘථිවි පෘෂ්ඨයට යටින් පිහිටා තිබෙන විශාල ජල සංචිතයක්, නැතහොත් සාගරයක්  සොයාගෙන තිබෙන බව වාර්තා වනවා.

මෙම භූගත සාගරය පෘථිවිය මතුපිට සිට කිලෝමීටර 700 ක් පමණ පහළින් පිහිටා ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම එය පෘථිවියේ ඇති සියලුම සාගරයන් හි ප්‍රමාණය මෙන් තුන් ගුණයක් විශාල බව සඳහන් වනවා. මෙම සොයා ගැනීම, පෘථිවිය තුල ජලයේ මූලාරම්භය පිළිබඳව පෙර පැවති සංකල්ප පිලිබඳව ප්‍රශ්නාර්ථයක් එක් කරන අතර ම පෘථිවියේ හි භූ විද්‍යාව සහ ජල චක්‍රය අවබෝධ කර ගැනීම සඳහා නව මගක් විවර කරන බව විද්‍යාඥයින් පවසා තිබෙනවා.

විද්‍යාඥයින් පිරිස මෙම ජල සංචිතය සොයාගෙන ඇත්තේ ringwoodite නම් ඛනිජයක් තුළ එය සැඟව තිබිය දී බව ද වාර්තා වනවා. ඔවුන් පෘථිවියේ ජල ආරම්භය පිළිබඳව අදහස් දක්වමින් සාගර, පෘථිවිය තුළ භූගත ව ආරම්භ වී ක්‍රමයෙන් පෘථිවි හරයෙන් පිටතට කාන්දු වන්නට ඇතැයි පවසා තිබෙනවා.

මෙම පර්යේෂණයට නායකත්වය දුන් නෝර්ත්වෙස්ටන් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෙකු වන ස්ටීවන් ජේකබ්සන් සොයාගැනීමේ වැදගත්කම පැහැදිලි කරමින්, පෘථිවියේ ජලය, එය තුළ සිට පැමිණි බවට මෙය ප්‍රබල සාක්ෂියක් පෙන්නුම් කරන බව ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන් මෙම සොයාගැනීම සිදු කර ඇත්තේ එක්සත් ජනපදය පුරා ස්ථානගත කර ඇති භූ කම්පන 2000 ක් භාවිතා කරමින් සහ භූමි කම්පා 500 ක භූ කම්පන තරංග විශ්ලේෂණය කිරීමෙන් බව සඳහන් වනවා.

FacebookTwitterWhatsAppTelegramXShare

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img