Friday, March 20, 2026
27.2 C
Sri Lanka

ප්‍රමි­ති­යෙන් තොර එන්නතින් ජාතික රෝහලේ තිදෙනෙක් මරුට.

කොළඹ ජාතික රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටි රෝගීන් තිදෙ­නකු ප්‍රමි­ති­යෙන් තොර බව කියන ‘හියු­මන් ඉමි­යු­නො­ග්ලො­බි­යු­ලින්“ එන්නත් මාත්‍රා එන්නත් කිරී­මෙන් පසු මර­ණ­යට පත්වූ බවට වාර්තා ලැබී ඇතැයි අග­ති­යට පත් පාර්ශ්වය වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ නලින්ද ඉන්ද­තිස්ස මහතා මාලි­ගා­කන්ද මහේ­ස්ත්‍රාත් ලෝචනී අබේ­වි­ක්‍රම මහ­ත්මිය හමුවේ ඊයේ (04) දැනුම් දුන්නා.

මෙම සිද්ධියේ අග­ති­යට පත් පාර්ශ්වය වන අල්ලස හෝ දූෂ­ණය නාස්ති­යට එරෙහි පුර­වැසි බලය වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි ජනා­ධි­පති නීති­ඥ­ව­රයා එම කරුණු ඉදි­රි­පත් කර­මින් අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටියේ එම කරුණ මෙම නඩු­වට අදාළ කර­ගන්නා ලෙසයි.

කොළඹ ජාතික රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය ජේ. ඒබ්‍ර­හිම් මහතා භාරයේ ඇති 16 වන වාට්ටු­වට ඉකුත් අගෝස්තු මස 13 වැනිදා ඇතු­ළත් කර ප්‍රති­කාර ලබ­මින් සිටි ඇඳ­ඉ­හ­පත් අංක 144882 උදය පෙරේරා, ඇඳ­ඉ­හ­පත් අංක 147477 ජොයො­නිකා අබේ­ව­ර්ධන සහ ඇඳ­ඉ­හ­පත් අංක 147293 අශෝක පලි­සේන යන රෝගීන් තිදෙනා අදාළ එන්නත ලබා­දී­මෙන් පසු දැඩි අසා­ත්මි­ක­තා­වය හේතු­වෙන් මර­ණ­යට පත්ව ඇතැයි ජනා­ධි­පති නීති­ඥ­ව­රයා අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නා.

මෙහි දී නීති­ප­ති­ව­රයා නියෝ­ජ­නය කර­මින් අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළ නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් ලක්මිණී ගිරි­හා­ගම මෙනෙ­විය සඳ­හන් කළේ, ඉකුත් නඩු දිනයේ දී මෙම සිවිල් සංවි­ධා­නය විසින් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට භාර­දෙනු ලැබූ අදාළ ලේඛ­නය සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් සිදු­කළ බවත් එම සිද්ධි­යට අදා­ළව කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය­ව­රුන් සමඟ සාක­ච්ඡා­වක් පැවැත්වූ බවත්ය.

මෙම සිද්ධි­යෙන් මර­ණ­යට පත් වූ එක් රෝගි­ය­කුට ප්‍රශ්න­ගත එන්නත ලබා දී ඇති අතර, එහි දී යම් අසා­ත්මි­ක­තා­වක් ඇති­වී­මෙන් පසු ඒ අව­ස්ථාවේ දී වෛද්‍ය­වරු ඔහුගේ ජීවි­තය බේරා­ගෙන ඇති නමුත් පසුව ඔහු මිය­ගොස් ඇති බවත් එහි දී වහාම වෛද්‍ය­වරු අදාළ බෙහෙත ඉවත් කර ගෙන ඇති බවත් නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රා­ල්ව­රිය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නා.

ඒ අනුව ඉන්දි­යානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙර­ටට ගෙන්වූ ‘හියු­මන් ඉමි­යු­නො­ග්ලො­බි­යු­ලින්“ සහ පිලිකා නාශක ඖෂ­ධ­යක් වන ‘රිටො­ක්සි­මැප්“ එන්නත් මාත්‍රා රජයේ රෝහ­ල්ව­ලට ලබා­දී­මෙන් පසු මර­ණ­යට පත්වූ හෝ මේ වන­විට රෝගීන් බවට පත්වූ අය සම්බ­න්ධ­යෙන් වාර්තා­වක් ලබන මැයි මස 30 වැනි­දාට පෙර අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට ලබා දෙන ලෙස ඉකුත් නඩු දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­ර­යාට නියෝග කළ පරිදි එම වාර්තා ලද පසු පරී­ක්ෂණ ආරම්භ කරන බව ද නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රා­ල්ව­රිය අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img