Sunday, September 29, 2024
24.7 C
Sri Lanka

මඩකලපුව ආසන්නයේ ගිලී ගිය බ්‍රිතාන්‍ය යුද නැව ගැන අලුත්ම අනාවරණයක්.

දෙවන ලෝක යුද සමයේදී ජපානය බෝම්බ හෙළා විනාශ කළ යුද ගුවන්යානා රැගෙන යා හැකි ලොව පළමු නෞකාව වූ එච්. එම්. එස්. හර්මිස් නෞකාව විනාශවී 2024 වර්ෂයට වසර 82කි.

ලොව පළමු යුද ගුවන්යානා රැගෙන යා හැකි එච්.එම්.එස්. හර්මිස් නෞකාවේ නිෂ්පාදන කටයුතු අරඹන්නේ පළමු ලෝක යුද්ධය ඉලක්ක කරගනිමිනි. 

බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ නිෂ්පාදනයක් වූ මෙහි වැඩ පළමු ලෝක යුද්ධය අවසන් වන තෙක්ම නිමකිරීමට නොහැකි විය. 

දිගින් අඩි 600කට ආසන්න වූ මෙම නෞකාවේ එකවර ගුවන්යානා 20ක් ප්‍රවාහනය කිරීමට තරම් අශ්වබල 40,000ක බලයකින් සමන්විත විය.  

1939 වසරේ දෙවන ලෝක යුද සමය ඇරඹීමත් සමග මෙම නෞකාව රාජකීය හමුදාවේ නැගෙනහිර යුද ඛණ්ඩය සඳහා අනුයුක්ත වූ අතර 1941 සහ 1942 වසර කාලය තුළ ශ්‍රී ලංකාවේ ත්‍රීකුණාමලය වරාය ආසන්නයේ නැංගුරම් ලා තිබුණි.

කෙසේවෙතත් ශ්‍රී ලංකාව දෙවැනි ලෝක යුද්ධයේ පාර්ශ්වකරුවෙකු නොවූවත් එවක මෙරට පාලනය ගෙන ගිය බ්‍රිතාන්‍යයන් සතුරු පර්ශ්වීය සාමාජිකයන් වූ නිසා ජපානයේ ගුවන් ප්‍රහාරයකට මුහුණ දීමට 1942 වසරේ අප්‍රේල් 9 වනදා සිදුවුණි.

ඒ වන විට එච්.එම්.එස්. හර්මිස් නෞකාව මැඩගස්කරය ආක්‍රමණය කිරීමට සූදානම්ව මඩකළපුව මුහුදු සීමාවේ නැංගුරම්ලා තිබුණි.

හිරෝහිතෝ අධිරාජ්‍යයාගේ මෙහෙයවීමෙන් සිදුවූ මෙම ගුවන් ප්‍රහාරයෙන් නෞකාව ආරක්ෂා කිරීම සඳහා බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව එය ත්‍රීකුණාමල වරායට ගෙනඒමට පියවර ගත්තේය. 

කෙසේ වෙතත්, ජපාන ප්‍රහාරක ගුවන් යානා 80ක් දියත් කළ ගුවන් ප්‍රහාරවලින් නෞකාව ආරක්ෂා කිරීමට බ්‍රිතාන්‍යයන්ට එවක හැකිවූයේ නැත. 

ජපානය දිගින් දිගටම එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවල ප්‍රතිඵලය වූයේ සෙබළුන් 707දෙනෙකු සමග ලොව පළමු යුද ගුවන් යානා ප්‍රවාහන එච්.එම්.එස්. හර්මිස් නෞකාව මඩකලපුව මුහුදේ ගිලියාමය. 

එහිදී නෞකාවේ කපිතාන් ලෙස කටයුතු කළ ජෝන් ඔන්ස්ලොව් එහිදී මියගිය අතර ප්‍රහාරවලින් බේරීමට මුහුදට පැන්න සෙබළුන් 400 කට ආසන්න රාජකීය නාවික හමුදා නිලධාරීන් බේරාගනු ලැබුවේ, විටා නමැති රෝහල් නෞකාව මගිනි.

ජපාන ප්‍රහාරයෙන් මුහුදුබත් වූ මෙම නෞකාවේ ගවේෂණ කටයුතු 2000 වසරේදී ආරම්භ කරන්නේ, මෙරට ප්‍රකට කිමිදුම්කරුවෙකු වන ෆිලීෂියන් ප්‍රනාන්දු මහතා විසිනි.‍

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එච්.එම්.එස්. හර්මිස් නෞකා ගවේෂක ෆිලීෂියන් ප්‍රනාන්දු මහතා,

“එම ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ රිචඩ් නම් නාවිකයා… නෞකාව අභ්‍යන්තරයේ සේවය කර තිබෙනවා. පළමු බෝම්බ ප්‍රහාරයෙන් ඔහුට සිහිය නැතිවෙලා. 2012දී නාවිකයාගේ දියණිය මගෙන් ඉල්ලීමක් කළා. අප්‍රේල් 9 වනදා මෙම ප්‍රහාරය සිහිකිරීම වෙනුවෙන් නෞකාව වෙත මල් ගෙනියන්න කියලා. 2012දී මම සහ පුතා එක්වී නෞකාව වෙත අරලිය මල් කලඹක් ගෙනගියා. සෑම වසරකම අප්‍රේල් 9 වනදා මෙය අපි සිදුකරනවා. මෙම නෞකාව ඉදිරි අනාගතයටත් ආරක්ෂා කළ යුතුයි. විදේශ විනිමය ලංකාවට ගෙන ඒමටත් නෞකාව පිටුවහලක්.” 

අද වන විට හර්මිස් නෞකාවේ මුහුදු පතුලේ තැන්පත්වී ඇති ආකාරය දැකගත හැකිව පවතී. 

ජපනුන්ගේ ප්‍රහාරයට ලක්වී විනාශ වූ එච්.එම්.එස්. හර්මිස් නෞකාවේ සේවය කළ රාජකීය නාවික හමුදා සෙබළුන් මිහිදන් කළ සොහොන් බිමක්ද ත්‍රිකුණාමල ප්‍රදේශයේ පවතී.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img