Thursday, September 26, 2024
21.1 C
Sri Lanka

පාතාලය මඬින්න විශේෂ යතුරුපැදි බළකායක්.

පාතාල අපරාධකරුවන් ට්‍රේල් වර්ගයේ යතුරුපැදිවලින් ලුහුබැඳ ගොස් පහරදීම (Moving Target) සඳහා විශේෂ පුහුණුව ලත් කණ්ඩායමක් ලබන සතියේ සිට මෙහෙයුම්වලට යොදවන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ‘අරුණ’ කළ විමසුමකදී පැවැසීය.

‘ආරක්ෂක ඇස (Security Eye)’ නමින් වූ ලාංඡනයක් පලඳින මෙම ඒකකය සඳහා යොදාගන්නා කණ්ඩායම සටන් කලාවද ප්‍රගුණ කර ඇත.

වත්මන් පොලිස්පතිවරයා නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස සිටියදී ක්‍රියාත්මක කළ ‘ආරක්ෂක ඇස’ සංකල්පය වැඩිදියුණු කරමින් මෙම ඒකකය නිර්මාණය කර තිබේ.

පාතාල ක්‍රියාකාරකම් බහුල ප්‍රදේශවල මෙම කණ්ඩායම් යෙදවීමට නියමිත අතර පොලිස් නිල ඇඳුමට සමානව විශේෂ නිල ඇඳුමක් ඔවුන්ට ලබාදීමට සැලසුම් කර ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ පුහුණුව ලත් මෙම කණ්ඩායමට ට්‍රේල් වර්ගයේ යතුරුපැදි 100 ක් ලබාදී ඇත. පොලිස් විශේෂ කාර්ය බළකා යතුරුපැදි බළකායත් සමග ඒකාබද්ධව අදාළ මෙහෙයුම් සිදුකිරීමට නියමිතය.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img