Tuesday, March 17, 2026
28.4 C
Sri Lanka

පාතාලය මඬින්න විශේෂ යතුරුපැදි බළකායක්.

පාතාල අපරාධකරුවන් ට්‍රේල් වර්ගයේ යතුරුපැදිවලින් ලුහුබැඳ ගොස් පහරදීම (Moving Target) සඳහා විශේෂ පුහුණුව ලත් කණ්ඩායමක් ලබන සතියේ සිට මෙහෙයුම්වලට යොදවන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ‘අරුණ’ කළ විමසුමකදී පැවැසීය.

‘ආරක්ෂක ඇස (Security Eye)’ නමින් වූ ලාංඡනයක් පලඳින මෙම ඒකකය සඳහා යොදාගන්නා කණ්ඩායම සටන් කලාවද ප්‍රගුණ කර ඇත.

වත්මන් පොලිස්පතිවරයා නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස සිටියදී ක්‍රියාත්මක කළ ‘ආරක්ෂක ඇස’ සංකල්පය වැඩිදියුණු කරමින් මෙම ඒකකය නිර්මාණය කර තිබේ.

පාතාල ක්‍රියාකාරකම් බහුල ප්‍රදේශවල මෙම කණ්ඩායම් යෙදවීමට නියමිත අතර පොලිස් නිල ඇඳුමට සමානව විශේෂ නිල ඇඳුමක් ඔවුන්ට ලබාදීමට සැලසුම් කර ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ පුහුණුව ලත් මෙම කණ්ඩායමට ට්‍රේල් වර්ගයේ යතුරුපැදි 100 ක් ලබාදී ඇත. පොලිස් විශේෂ කාර්ය බළකා යතුරුපැදි බළකායත් සමග ඒකාබද්ධව අදාළ මෙහෙයුම් සිදුකිරීමට නියමිතය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img