Friday, January 30, 2026
22.4 C
Sri Lanka

අධිවේගී මාර්ගයේ වේගය අඩාල කල උපන් ඇඳුමෙන් වැඩපෙන්වූ ගැහැනියගේ අලකලංචිය.

අමෙරිකා එක්සත් ජනපදයේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර ඕක්ලන්ඩ් බේ පාලම අසල කාර්යබහුල වේලාවකදී එකවරම අමුතු සිදුවීමක් සිදු වුණා.

ඒ, එතැනදී සිය මෝටර් රථයෙන් බැස ගත් නිරුවත් කාන්තාවක් සෙසු මෝටර් රථ පසුකරමින් තුවක්කුවක් එල්ල කොට ගෙන වාහනවලට වෙඩි තබන්නට පටන් ගැනීමයි.

මෙහිදී කිසිවකුට කිසිදු තුවාලයක් සිදු වී නොමැති බවත් කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වෙනවා.

මේ සිදුවීම සැකෙවින් මෙසේයි, California Highway Patrol වෙත සවස 4.40 ට පමණ ඇමතුම් 911 ක් ලැබී තිබුණා. ඒ, නොසැලකිලිමත් රියදුරකුගේ නොහොඹිනා වැඩක් ගැන කියමින්.

මෝටර් රථයක් පදවාගෙන පැමිණි කාන්තාවක් ඇය ගමන් ගත් මංතීරුව මැද රිය නතර කර ඉන් බැස පිහියක් සහ තුවක්කුවක් රැගෙන අනෙක් රියැදුරන්ට තුවක්කුව පෙන්වමින් කෑ ගැසීමට පටන් ගෙන තිබෙනවා.

පසුව එම කාන්තාව මෝටර් රථයට ඇතුළු වී මඳ දුරක් ගොස් ටෝල් ප්ලාසාහිදී නැවතත් නිරුවත්ව රියෙන් බැස තුවක්කුවක් අතැතිව ගමන් කර තිබෙනවා.

ඇය වෙනත් වාහනවලට කෑගසමින් අහසට වෙඩි තැබීමට පටන් ගෙන තිබෙනවා, අනෙක් වාහනවල රියැදුරන් මේ සිදුවන්නේ කුමක්දැයි වික්ෂිප්ත වී ඇති අතර ඔවුන් තුළ පෙනෙන්නට ලැබුණේ ව්‍යාකූල වූ බවක්.

“ඔවුන්ගේ සිත් තුළ වූයේ කිසියම් අනතුරක් සිදුවී ඔවුන් ඒ වටා ධාවනය කරනවා වැනි හැඟීමක්. ” යැයි CHP ප්‍රකාශක ඇන්ඩෲ බාර්ක්ලේ ප්‍රකාශ කර තිබෙනවා.

“ඔවුන් එහා මෙහා ධාවනය කිරීමට උත්සාහ කරන විට, ඇය අනෙක් වාහන දෙසට වෙඩි තැබීමට පටන් ගත්තා. පසුව කාන්තාව බිම වාඩි වී අනෙක් මෝටර් රථවලට වෙඩි තියන්න පටන් ගත්තා.” ඇන්ඩෲ බාර්ක්ලේ වැඩිදුරටත් පැවසුවා.

ඉන්පසු, කැලිෆෝනියාවේ අධිවේගී මාර්ග මුර භටයින් එම ස්ථානයට ළඟා වී ඇති අතර, ඔවුන් ඇයගේ ආයුධය බිම තබන ලෙස එම කාන්තාවගෙන් ඉල්ලා සිටි බවයි වාර්තා වන්නේ.

එළෙස කිරීම ප්‍රතික්ෂේප කළ එම කාන්තාව පසුව සිය ගිනි අවිය බිම දමා පොලිස් භාරයට පත් වූ බව නිව්යෝර්ක් පෝස්ට් වාර්තා කරනවා.

අදාළ කාන්තාව ප්‍රාදේශීය රෝහලක මානසික සෞඛ්‍ය අංශයේ රඳවා තබා ඇති බවයි මාධ්‍ය ආයතන වාර්තා කළේ.

ඇය මානසික රෝහලෙන් මුදා හැරෙන දිනයක් ගැන නිශ්චිතව සඳහන් නොකරන අතර අදාළ චෝදනා යටතේ ඇයට නඩු පවරනු ඇති බව පොලිසිය
සඳහන් කරනවා.

වසරකට මිලියන 40 ක පමණ ජනතාවක් මෝටර් රථවලින් එහා මෙහා යන මෙම මාර්ගය පැයකට වඩා වැඩි කාලයක් වසා දමා තිබුණු බවයි වාර්තා වන්නේ

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img