Tuesday, March 17, 2026
19.2 C
Sri Lanka

පිරමීඩ පන්නයේ ආයතන 17ක් ගැන මහ බැංකුවෙන් අනතුරු ඇඟවීම්.

පිරමීඩ ක්‍රමයට නීතිවිරෝධීව ජනතාවගේ මුදල් තැන්පත් ලබා ගත් ආයතන දාහතක් මේ වන විට හඳුනාගෙන ලැයිස්තුගත කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

පසුගිය කාලයේ විවිධාකාරයේ පිරමීඩ ජාවාරම් ක්‍රියාත්මක වූ බවත්, ඒවා පාලනය කිරීමට කටයුතු කර ඇති බවත් මහ බැංකුව පෙන්වා දෙයි.

එහෙත් ඕනෑම අවස්ථාවක එවැනි ජාවාරම් යළි මතුවීමේ අවදානමක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් දන්නා තොරතුරු දැනුම් දීම ජනතාවගේ වගකීමක් බව ද මහ බැංකුව පවසයි.

මෙවැනි ජාවාරම් හෝ මීට අදාළව තමන්ට සිදුවී ඇති අකටයුතුකම් පිළිබඳව මහ බැංකුවේ ‘‘බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව’’ ට පැමිණිලි කිරීමට මහ බැංකුව මහජනතාවට අවස්ථාව සලසා තිබේ. එමෙන්ම එවැනි ඇතැම් ආයතන මහ බැංකුව මගින් අධීක්ෂණය වන බවට අසත්‍ය ප්‍රචාර ගෙන යන බවත්, එවැනි කාරණා පිළිබඳව තොරතුරක් ලද වහාම දැනුම් දෙන ලෙස ඉල්ලා සිටින බවත්, මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. එවැනි තොරතුරක් ලැබුණ සැණින් ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරන බව ද ඔහු කීය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img