Monday, March 16, 2026
20 C
Sri Lanka

මුලින් සල්ලි දෙන ලංකාවේ දැවැන්තම වංචාවට අහු වෙන්න එපා.

මේ කියන්න යන්නේ මේ දවස් වල ලංකාවේ හුගක් අය අහු වෙලා සල්ලි නැතිකර ගන්න පට්ටම SCAM එකක් ගැන.මෙයාලා මුලින්ම ගාණක් අතට දීලා තමයි පස්සේ මේ වංචාව කරන්නේ.ඒ නිසා හුගක් අය මේකට අහු වෙනවා.

මේක මෙහෙමයි වෙන්නේ.මුලින්ම මෙයාලා වට්සැප් වල ගෲප් එකකට ඔයාලව අහම්බෙන් ඇඩ් කරනවා.මේ දවස් වල Aitken කියන සමාගම නමින් ගෲප් හදලා මේ ගේම එයාලා ගහනවා.හැබැයි අදාල සමාගමට මේක එක්ක සම්බන්ධයක් නෑ.ඒ වගේ එක එක සමාගම් වල නම් මෙයාලා යොදා ගන්නවා.

එයාලා කියනවා ලෝකෙම චිත්‍රපට වලට රේටින් ලබා දෙන IMDB එක එක්ක මෙයාල එකතු වෙලා වැඩසටහනක් කරනවා ඒකට සම්බන්ධ වෙන්න කැමති නම් ඔයාට දවසට රු 4000-8000ක් අතර ගාණක් හොයන්න පුලුවන් කියලා.ඒකට කැමති කියන අයව ඒ වෙලාවෙම Telegram Group එකකට ඇඩ් කරනවා.ඒ වෙලාවෙම ඒ අයගේ බැංකු ගිනුම් විස්තර ඉල්ලගෙන රු 900/1500ක් වගේ එයාලට ලබා දෙනවා.එතකොට කට්ටියගේ විශ්වාසය තවත් වැඩි වෙනවා.

දැන් ඊලගට තියෙන්නේ මේ අය පැය භාගෙකට සැරයක් දෙන ලින්ක් එකෙන් ගිහින් Google එකේ පෙන්නන Fillm එකේ නමට Watch කරා කියලා ටච් එකක් දෙන්නෙ.ඇත්තටම මේක තත්පර 2,3ක වැඩක්.ඒක කරලා Screenshot එකක් යැව්වම මෙයාලා රු 150ක් 300ක් වගේ ඒ වෙලාවෙම ලබා දෙනවා.මුල්ම දවස පුරාම මේ විදියට එයාලා මුදල් ලබා දෙනවා.පලවෙනි දවසෙදි ඔන්න රු 3000 විතර මෙයාලා දෙනවා.ඒකෙන් කට්ටිය හුගක් විශ්වාස කරනවා වැඩේගැන.

ඔන්න ඊලග දවසෙත් උදේ වැඩේ පටන් ගන්නවා.හැබැයි එදා උදේඔයාට දෙන ලින්ක් එක Shortn URL එකක්.සරලව කියනවා නම් www. පෙන්නන් නැතුව Tnylr වගේ Short URL Service එකකින් දෙන ලින්ක් එක්ක.කලින් දවසේ සල්ලි දුන්න විශ්වාසය නිසා කට්ටිය දෙපාරක් හිතන් නැතුව මේකට යනවා.කිසි වෙනසක් නැතුව ඔයාව කලින් දවසේ වගේම අර Google Movies Review මෙනු එකට යනවා.එතකොටත් ඔයා රේට් කරලා ස්ක්‍රීන්ෂොට් යැව්වම මුදල් කලින්වගේම ලැබෙනවා.

ඔන්න දැන් තමයි සෙල්ලම පටන් ගන්නේ..😌

ඊට පස්සේ මෙයාලා කියනවා අපිට මෙච්චර වෙලා දුන්න ගාණ ඩබල් කර ගන්න පුලුවන් ඊලග Task එකෙන් කියලා.මේකෙදි කරන්න කියන්නේ එයාලා අපිට එක නිෂ්පාදනයක ලින්ක් එකක් එවනවා.අපි අපේ මුදලින් ඒක Buy කරලා ඒකේ Screenshot එකක් මෙයාලට යවන්න ඕනි.ඊට පස්සේ එයාලා අපි ගෙවපු ගාණත් එක්කම ඒ ගාණට තව 30% වැඩිපුර අපිට ලබා දෙනවා.ඒ වගේම මෙච්චර වෙලා පැයකට දුන්නගාණත් ඩබල් කරලා ගෙවනවා.පලවෙනි පාර මේකට මුදල් ගෙවන්න කියන්නේ රු 5000ක විතර භාණ්ඩයක්.

ඔන්න ඒකත් ගෙව්වට පස්සේ ෆුල්ම විශ්වාසය එනවා වැඩේගාන.අම්මට සිරි පට්ට චාන්ස් එකක් නේ කියලා තේරෙනවා.හැබැයි ඊලගට තමයි බබා හම්බ වෙන්නේ..👍

ඊලගටත් පැය 3ක් විතර අර ගාණ ඩබල් කරලා ගෙවලා ආපහු සැරයක් අර වගේ භාන්ඩයක් මුලදී ගෙන 30% වැඩිපුර ගන්න චාන්ස් තියෙනවා කියලා දානවා.මේ පාර දෙන්නේ රු 30,000 – 50,000ක විතර භාණ්ඩයක්.අර කලින් පාරවල් වල විශ්වාසෙට දෙපාරක් හිතන් නැතුව කට්ටිය සල්ලි දානවා.ඒ ගෲප් එකේම ඉන්න ලංකාවේ නම් වලින් ඉන්න අය Screenshot දානවා Bank Msg වල එයාලට සල්ලි හම්බ උනා කියලා.ඉතින් අපේ අයත් සැක නැතුව සල්ලි දානවා.ඉතින් ඊට පස්සේ ගෲප් එකේ ඔයා නෑ.

උනේ මොකක්ද කියලා ඔයා දන්නේ වත් නෑ.සිංහල නම් වලින් ඉන්නේ Bots ලා.Group එකේ මැසේජ් දාන ගොඩක් අය මේ වංචාවට සම්බන්ධ අය.එයාලා හැම වෙලේම අගවනවා මේක ඇත්තක් කියලා.නිතරම ලංකාවේ ප්‍රසිද්ධ බැංකු වල Screenshot දානවා.ඔයාට දෙන ලින්ක් හරහා ඔයා ගියාම ඔයාගේ Browsing History එකේ හුගක් විස්තර එයාලට යනවා.සමහර වෙලාවට ඔයා සල්ලි Transfer කරන්න යන වෙලාවට ඒවා පවා monitor කරන විදි මෙයාල ගාව තියෙනවා.

මේක කරන්නේ ලංකාවෙම සෙට් එකක්.ඒ නිසා මේකෙන් හුගක් අය පරිස්සම් වෙන්න.

දැනටම අහු වෙලා තියෙනවා හරි සැකයක් තියෙනවා නම් හරි අපිට කියන්න ඒක හොයා ගන්න විදියක් කියන්නම්.

හැබැයි මෙහෙමයි ඕන නම් SCAM වෙන්නේ නැතුව රු 3000ක් විතර ඕන නම් අර ගන්නත් පුලුවන් 🤣

එහෙනම් හැමෝම පරිස්සමට.අමාරු කාලෙක කවුරු හරි මේකට අහුවෙයි කියලා හිතුන නිසා වෙලා අරන් ලිව්වේ.පුලුවන් විදියට මේ වගේ දේවල් ගැන ලියනවා.මොනවා හරි එකතු කරන්න තියෙනවා නම් Comment එකක් දාන්න.

පුලුවන් නම් SHARE කරලා තව කෙනෙක්ව මේකන් බේර ගන්න…🙏

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img