Monday, March 16, 2026
20.7 C
Sri Lanka

කිසියම් ප්‍රවේශයක් නොමැතිව ගැබ්ගත් දැරියක්

හෙට්ටිපොළ පොලිස් වසමේ පදිංචි අවුරුදු 13ක බාලවයස්කාර පාසල් සිසුවියක් ගැබ්ගෙන ඇති අතර ඇය ගැබිණියක් වූ ආකාරය ගැන අධිකරණ වෛධ්‍ය නිලධාරීවරයාට හෝ තවම සොයාගැනීමට නොහැකී තත්ත්වයක පවතින බව වාර්තා වෙයි.

පසුගිය 18 වැනි දින උදරයේ වේදනාවක් තිබෙන බව කියමින් මෙම දැරිය කුළියාපිටිය මහ රෝහලට ඇතුලත්ව ඇති අතර දැරිය පරික්ෂා කර බැලූ වෛද්‍යවරුන් ඇය ගැබිනියක බවට තහවුරු කර ගැනීමෙන් පසු රෝහල් පොලීසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

පසුව රෝහල් පොලීසිය මගින් මේ බව හෙට්ටිපොල පොලීසියට කල දැනුම්දීමක් පසු එහි ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් කණ්ඩායමක් රෝහලට පැමිණ අදාල දැරියගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර එහිදි අදාල දැරිය පවසා ඇත්තේ තමා කිසිවෙකු සමග ප්‍රේම සම්බන්දතාවක් පවත්වා නැති බවත් කිසිවෙකු අතින් ලිංගික අතවරයකට හෝ ලක් නොවූ බවයි.

මේ සම්බන්ධයෙන් දැරියගේ මවගේද පොලීසය විසින් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර අදාල මවද පවසා ඇත්තේ දැරිය නිරන්තර තමාගේ ආරක්ෂාව සහ රැකවරණය යටතේ පවතින බවත් එම නිසා මෙවැන්නක් සිදුවීමට නොහැකි බවයි.

පසුව කුලියාපිටිය රෝහලේ ප්‍රදාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය පී.කේ විජේවර්ධන හමුවට අදාල දැරිය ඉදිරිපත් කල බවත් අධිකරණ වෛද්‍යවරයා දැරිය පරික්ෂා කර බලා ඇයට ලිංගික ප්‍රවේශයක් සිදුව නොවැති බවත් දැනුම් දී තිබෙනවා.

මෙම දැරිය කිසියම් මානසික පීඩන තත්ත්වයකින් පෙලෙන බව පෙනී ගිය හේතුවෙන් ඇයව මනෝ වෛද්‍ය විශේෂඥවරයෙකු හමුවට ඉදිරිපත් කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දී ඇයගේ මානසික සෞඛ්‍ය තත්ත්වය යහපත් වූ පසු මේ සම්බන්ධව විමර්ශණ සිදුකරන බවයි විශේෂධ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පවසා ඇත්තේ.

කෙසේ වෙතත් අදාල දැරිය ගැබිනියක වූ අකාරය ගැන තවතමත් විසඳා ගත නොහැකි වූ අබිරහසක් බවට පත්ව ඇතැයිද පොලීසිය සඳහන් කරයි

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img